සුරාබදු මුදල් මිලියන 5000ක් පසුගිය කාලයේ අතුරුදහන් - රවී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 5, 2015

සුරාබදු මුදල් මිලියන 5000ක් පසුගිය කාලයේ අතුරුදහන් - රවී

සුරාබදු දෙපාර්තමේන්තුව පසුගිය 2015 මාර්තු මාසය තුළ ඉතිහාසයේ වැඩි ම බදු ආදායම ලබා ගැනීමට සමත්ව ඇතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

එය රුපියල් මිලියන 9460 ඉක්මවා ඇති බවත් 2015 වසරේ දී ආණ්ඩුව බලයට පැමිණෙන විට සුරාබදු ආදායම දැක් වුණේ රුපියල් මිලියන 5420ක් ලෙසින් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

2015 වසරේ පෙබරවාරි මාසය නව විට එය රුපියල් මිලියන 7695ක් දක්වා ඉහළ ගිය අතර මාර්තු මාසය වන විට මිලියන 9490දක්වා පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව 54%කින් ඉහළ ගොස් ඇත.

තත්ත්වය මෙසේ තිබිය දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එතනෝල් බලපත්‍ර ලබා දීම සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. 

ඔහු කියා සිටියේ හිටපු ජනධිපතිවරයා ඔහුගේ පාලන සමය තුළ මෙම බදු ආදායමට සිදුවූයේ කුමක් ද යන්න අනාවරණ කළ යුතු බවත් රටට මාසිකව අය විය යුතු රුපියල් මිලියන 5000ක පමණ ආදායමක් එම කාලය තුළ අහිමි වී ඇති බවත්ය.

No comments:

Post a Comment

Post Bottom Ad