මෝටර් රථයේ සිටි යුවළකගෙන් කප්පමක් ගත් පොලීසියේ 3ක් කොටු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 2, 2015

මෝටර් රථයේ සිටි යුවළකගෙන් කප්පමක් ගත් පොලීසියේ 3ක් කොටු

බලහත්කාරයෙන් මුදල් ලබාගැනීමේ චෝදනාවක් මත කුරුඳුවත්ත පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ (01) රාත්‍රියේ එම පොලිස් නිලධාරීන් කුරුඳුවත්ත ප්‍රදේශයේදී මෝටර් රථයක් නවතා එහි සිටි යුවළකගෙන් රුපියල් 2000 ක මුදලක් ලබාගත් බවට කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.

ඒ අනුව අදාළ පොලිස් නිලධාරින් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. ඔවුන් අද(02) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

No comments:

Post a Comment

Post Bottom Ad