අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් කඩා වැටෙයි - 2000 ක් අඳුරේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 2, 2015

අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් කඩා වැටෙයි - 2000 ක් අඳුරේ

මධ්‍යම කඳුකරයට ඇද හැලුණු ධාරානිපාත වර්ෂාවත් සමගම ගිනිගත්හේන, පොල්පිටිය ජල විදුලි බලාගාරයේ සිට ගිනිගත්හේන දක්වා ඇද ඇති අධි බලැති විදුලි රැහැන් පද්ධතියක් තුළට විශාල ගසක් කඩා වැටීමෙන් එම විදුලි රැහැන් පද්ධතියට සහ විදුලි කණු කීපයකට දැඩි අලාභහානි සිදු වී තිබේ.

ගිනිගත්හේන, රම්පාදෙණිය ප‍්‍රදේශයේ දී මෙම අනතුර සිදු වී ඇති අතර දැඩි සුළඟකින් ප‍්‍රධාන මාර්ගයේ තිබූ විශාල ගසක් කඩා වැටීමෙන් මෙම විදුලි රැහැන් පද්ධතියට වාශාල ලෙස හානි වී ඇති බව වාර්තා වේ.

එම විදුලි රැහැන් පද්ධතිය කඩා වැටීමත් සමගම ගිනිගත්හේන රම්පාදෙණිය ප‍්‍රදේශයේ විදුලි පාරිභෝගිකයින් 2000 කට ආසන්න පිරිසකට දින කීපයක් ඇන හිට තිබූ විදුලි බලය විකල්ප මාර්ග ඔස්සේ ලබා දීමට පියවර ගත් බව ගිනිගත්හේන විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයේ නිළධාරීහු පවසති.

සිදු වූ අලාභය තක්සේරු කරමින් පවතින බවත් කඩා වැටුණු විදුලි රැහැන් පද්ධතිය යථා තත්වයට පත් කිරීමට කටයුතු කරන බවත් ගිනිගත්හේන විදුලි පාරිභෝගික මධ්‍යස්ථානයේ උසස් නිළධාරියෙක් සඳහන් කළේ ය.
රංජිත් රාජපක්ෂ 

No comments:

Post a Comment

Post Bottom Ad