මහින්දගේ ප්‍රකාශයට සියල්ල සූදානම් - රථ පෙරහැර පිටත් වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 1, 2015

මහින්දගේ ප්‍රකාශයට සියල්ල සූදානම් - රථ පෙරහැර පිටත් වෙයි

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීම පිළිබඳව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තව සුළු මොහොතකින් ජනතාව හමුවේ විශේෂ ප්‍රකාශයක්‌ කිරීමට සූදානම් බව වාර්තා වේ.

හිටපු ජනාධිපතිවරයාට මහ මැතිවරණයේදී අගමැති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් වන ලෙසට ඉල්ලීමක්‌ කිරීමට එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට අයත් පක්‍ෂ නායකයන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් සභා සන්ධාන මැති  ඇමැතිවරුන්, පළාත් පාලන ආයතන නියෝජිතයන් හා හිටපු මහජන නියෝජිතයෝ විශාල පිරිසක්‌ මේවන විට පිටත්ව ගොස් තිබේ.

මාතර, දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ පැවැත්වෙන විශේෂ පූජාවකට සහභාගිවීමෙන් අනතුරුව රථ පෙරහැරකින් මෙම පිරිස මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැදමුලන නිවස බලා පිටත්ව ‍යති.සන්ධාන පක්‍ෂ නායකයන් හා මහජන නියෝජිතයන් විසින් එම ඉල්ලීම කිරීමෙන් අනතුරුව මහින්ද රාජපක්‍ෂ මහතා එහිදී මහජනතාව ඉදිරියේ තම විශේෂ ප්‍රකාශය කරනු ඇත.

මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අඛණ්‌ඩව සිදුකරගෙන යනු ලබන ධර්ම දේශනා පිංකම ද අද මැදමුලන නිවසේදී සිදුකළ අතර ඉන් අනතුරුව සිය ප්‍රකාශය ජනතාව හමුවේ තබනු ඇත.

එහි සජීවි විකාශය අප වෙබ් අඩවියෙන් බලාපොරොත්තු වන්න.

No comments:

Post a Comment

Post Bottom Ad