හයිලෙවෙල් මාර්ගයේ කොට්ටාව පන්නිපිටිය ගුවන්පාලම අසල සිට කොට්ටාව දක්වා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව පොලීසිය පවසයි.
ඒ අනුව අද (28) රාත්‍රී 10.00 සිට හෙට (29) උදෑසන පහ දක්වා කාලය තුළ හයිලෙවල් මාර්ගයේ ගමනාගමන කටයුතු සීමාවේ.
ඒ අනුව කොළඹ සිට කොට්ටාව අවිස්සාවේල්ල දෙසට ගමන් කරන වාහන පන්නිපිටිය ගුවන්පාලම මංසන්ධියෙන් වමට හැරී කොට්ටාව පරණ පාර ඔස්සේ කොට්ටාව නගරයට පැමිණ හයිලෙවල් මාර්ගයට පිවිස ගමන් කළ හැකි වෙයි.
අවිස්සාවේල්ල - කොට්ටාව සිට කොළඹ දක්වා ගමන් කරන රථ වාහන කොට්ටාව නගරයෙන් පරණ පාරට පිවිස මොරකැටිය හංදියෙන් වමට හැරී හයිලෙවල් මාර්ගයට පිවිස ගමන් කළ හැකි බව පොලීසිය සඳහන් කළේය.
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අසළ පවතින අධික රථ වාහන තදබදය අවම කිරීම සඳහා මගී ගුවන් පාලමක් ඉදිකිරීමේ කටයුතු සිදුකෙරෙන බැවින් මෙම පියවර ගත් බව පොලීසිය පැවසී ය.

No comments:
Post a Comment