මහින්ද හා සන්ධාන මන්ත්‍රීවරු අතර අදත් සාකච්ඡාවක්   - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 28, 2015

මහින්ද හා සන්ධාන මන්ත්‍රීවරු අතර අදත් සාකච්ඡාවක්  

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර හමුවක් අද(28) දිනයේදීත් පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

කොළඹදී මෙම සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර කෙසේවෙතත් මේ දක්වාත් අදාළ සාකච්ඡාවන් පැවැත්වෙන ස්ථානයන් පිළිබඳ තොරතුරු වාර්තා වී නොමැත.

බොහෝ විට අද සවස්වරුවේ මෙම සාකච්ඡා පැවැත්වෙනු ඇති බවත් පාර්ලිමේන්තුව විසුරුවාහැරීමත් සමග ඉදිරි දේශපාලනික කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවල අරමුණ බවත් වාර්තා වෙයි. කෙසේවෙතත් ඊයේ දිනයේදී ද සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරු  අවස්ථා කිහිපයකදී හිටපු ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කර තිබේ.

මේ අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මේ වන විට විදෙස් සංචාරයක නිරතව සිටින බැවින් ඔහු දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බව  වාර්තාවෙයි.

No comments:

Post a Comment

Post Bottom Ad