මෛත‍්‍රිට UNP එකෙන් දෙන්න ඉදපු ගුටි පූජාව - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, June 28, 2015

මෛත‍්‍රිට UNP එකෙන් දෙන්න ඉදපු ගුටි පූජාව

පසුගියදාක තමන්ගෙ ගමේ දේශපාලන රුස්වීමකට රටේ ලොකු මහත්තයා ගියා. ඒ රැස්වීම තිබුණෙ කච්චේරියෙ… රුස්වීම තිබ්බ කච්චේරියෙ මහ දිසාපතිවරු යටතේ රටේ ලොකු මහත්තයත් ඉස්සර කාලෙ වැඩකරලා තිබුණ. 

ඒ හින්ද රැස්වීම ඉවරකරල තමන්ගෙ පරණ සේවා ස්ථානෙ අංසෙන් අංසෙට ගිහිල්ලා ටිකක් විස්තර සොයා බලමින් අතීතෙ මතක් කළාලු. ඔන්න කච්චේරියෙ ගෙවීම් අංසේ ළඟදී රටේ ලොකු මහත්තයට එදා වෙච්ච සංගදියක් මතක් වෙලා…

77 දී ශ්‍රී ලංකා ආණ්ඩුව පැරදුණු ඡන්දෙ නිල රාජකාරී කරපුවගෙ ගෙවීමක් ලබාගන්න එදා රජයේ සේවකයෙක් වුණ ලොකු මහත්තය ආවම අලුතින් බලේට ආපු අලිපාටියෙ කස්ටියගෙ හිතවත්තු තමන්ට මෙතෙන්දි ගුටි පූජාවක් දෙන්න සැලැසුම් කළාලු. 

අන්තිම මොහොතෙ ලොකු මහත්තයට ඒක දැනගන්නත් ලැබිල. ඔයා ගියොත් ගහනව ඒක හින්ද යන්න එපා කියල යාළුවෙක් අවවාදෙටත් කිව්වලු. ඒ ගමන හොරෙන්ම දුවල ගිහිල්ල බයිසිකලේක නැගල ගුටි පූජාවෙන් බේරැණ හැටි අද ඉන්න නිලධාරීන්ට විස්තර කළ ලොකු මහත්තය මේ අතීත කතාව කියල මහ හඬින් සිනාවුණාලු. 

No comments:

Post a Comment

Post Bottom Ad