පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳව වූ කෝප් කමිටු වාර්තාව යටපත් කිරීමට දරණ වෑයමක් බව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.
ඒ, අද බත්තරමුල්ලේ පැවති මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින්.
එහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ “ බලගතු දූෂණ චෝදනා ගණනාවක් පිළිබඳව තෝරු මෝරු අතඇරලා හාල්මැස්සන්‍ට දඬුවම් දෙන ක්‍රියාදාමයකට ගමන් කළා. සමහරුන්ට විදේශගත වීම සඳහා අවස්ථාව ලබාදුන්නා. ඉතිං මේ වතාවරණය යටතේ පාර්ලිමේන්තුව විගඩමක් බවට පත් කිරීම ඕනෑ කමින්ම සිදු කළා. 20වැනි සංශෝධනය කරන්න ඉඩ දුන්නේ නෑ. දැන් මේ පාර්ලිමේන්තු විසුරුවා හැරලා තියෙනවා. මේ පාර්ලිමේන්තුව හදිසියේ විසුරුවා හැරීම සඳහා ප්‍රශ්න කිහිපයක් මතුවුනා. එකක් මේ විශ්වාසභංග යෝජනාව මුදල් ඇමතිතුමාට විරුද්ධව ගෙනාපු එක. මේ ලබන 6 වැනිදට ඒක කල් දීලා තිබුනා. එහෙමනම් ඒ විශ්වාසභංග යෝජනාව මගඅරින්න වුවමනාවක් තිබුනා. බැඳුම්කර සිද්ධියේ කෝප් වාර්තාව යටපත් කිරීම තමයි මෙතන තිබිච්ච ප්‍රධාන ප්‍රශ්නේ”.යනුවෙනි.

No comments:
Post a Comment