මහ පරිමාණ වංචා දූෂණ සෙවීමට නව ජනාධිපති කොමිසමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 11, 2015

මහ පරිමාණ වංචා දූෂණ සෙවීමට නව ජනාධිපති කොමිසමක්

පසුගිය රජය පැවති සමයේ සිදුකරන ලද බව පැවසෙන මහා පරිමාණ දූෂණ වංචා චෝදනා පිළිබඳව පරීක්ෂා කිරීම පිණිස මෙම සතිය ඇතුළත ජනාධිපති කොමිසමක් පත් කිරීමට තීරණය කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

පොළොන්නරුවේ අරලගන්විල මහජන පොළ පරිශ්‍රයේ පැවති මෛත්‍රි ජනාභිනන්දන උළෙල අමතමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළ අතර පක්ෂ සබඳතා, තානාන්තර නිල නාම පිළිබඳ නොසළකා මෙම වංචා හා දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරනු පිණිස මෙම කොමිසම පත් කරන බව ද කියා සිටියේය.

වංචා හා දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරණයේ දී ජනතාවට දුන් පොරොන්දු ඒ අයුරින්ම ඉටු කරමින් මෙම කොමිසම පත් කිරීමට අදාළ අංශ දැනටමත් දැනුවත් කර ඇති අතර මෙම කොමිසම මඟින් රාජ්‍ය දේපළ විනාශ කළ, මහජන දේපළ සොරකම් කළ සියලු දෙනාට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවද ජනාධිපතිතුමා එහිදී පැවසීය.

කෙසේවෙතත් දූෂණ වංචා කරපු පුද්ගලයන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීම මෙතරම් ප්‍රමාද වීම පිළිබඳව තමන්ටත් ගැටලුවක් පැන නඟින බවත් ජනාධිපතිතුමා එහි දී ප්‍රකාශ කළේය.

– news.lk

No comments:

Post a Comment

Post Bottom Ad