මහින්ද එද්දී ගිරුවායේ ගමේ එකා.. යද්දී කම්බ හොරා – අනුර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, February 11, 2015

මහින්ද එද්දී ගිරුවායේ ගමේ එකා.. යද්දී කම්බ හොරා – අනුර

මහින්ද රාජපක්‍ෂ ජනාධිපති වෙන්න එද්දී ගිරැවාපත්තුවේ ගමේ එකා වුවත් යනකොට කම්බ හොරෙක් යයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.

එම පක්‍ෂය විසින් පැවැත්වූ අනහමුවක් අමතමින් ඔහු මෙසේද කීය.

‘පේ‍්‍රමදාස මහත්තයා ජනාධිපති වෙනකොට දුප්පතාගෙ හිතවතා. ඒත් මැරෙනකොට මිනිස්සු කිරිබත් කෑවා. 

චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපති වෙනකොට සාමයේ දුතිකාව. පුටුවෙන් බැහැලා යනකොට චෞර රැජින. එතකොට මහින්ද මහත්තයා ජනාධිපති වෙනකොට ගිරුවාපත්තුවේ ගමේ මිනිහා.

යනකොට කම්බ හොරා. බලාගෙන යනකොට මොන තරම් බලයක් ඇත්ද අප්පා මේකෙ.  ඕකෙ උපාසකම්මා වාඩි වුණත් මරු සිරා වෙලා තමයි නැගිටලා යන්නෙ’

No comments:

Post a Comment

Post Bottom Ad