දළ ජාතික නිෂ්පාදිතය ගණන් බැලීමේ වෙනස් ක‍්‍රමයක් භාවිතා කළ විට ඉන්දියානු ආර්ථිකයේ වර්ධන වේගය චීනය පරයා ලොව වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය බවට පත්ව ඇතැයි වාර්තා වේ.
මින් දින 12කට පෙර දළ ජාතික නිපැයුම ගණන් බලන ආකාරය වෙනස් කිරීමට ඉන්දියානු රජය විසින් පියවර ගත් අතර එහිදී සාධක පිරිවැය වෙනුවට ජාත්‍යන්තර සම්මත වෙළඳපොළ මිල ප‍්‍රමාණයන් භාවිතා කෙරේ.
පසුගියදා ඉන්දීය සංඛ්‍යාලේඛන අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ පසුගිය වසරේ 6.9%ක් වූ ආර්ථික වර්ධන වේගය ඉක්මවා යමින් මේ වසරේදී ඉන්දියානු ආර්ථිකය 7.4%කින් වර්ධනය වනු ඇතැයි අපේක්‍ෂා කරන බවයි.
මින් පෙර ගණන් බැලීමේ ආකාරයේදී 5.3%ක් ලෙස දැක්වුණු පසුගිය මාස තුනේ වර්ධනය 8.2%ක සීඝ‍්‍ර ඉහළ යාමක් ලෙස යළි දක්වා තිබේ.
දෙසැම්බර් කාර්තුවේදී චීන ආර්ථිකය වර්ධනය වූයේ 7.2%කින් වන අතර ඉන්දියානු ආර්ථික වර්ධන වේගය 7.5%ක් වූ බව පැවසේ.
දළ ජාතික නිපැයුම ගණන් බලන නව ක‍්‍රමවේදය තුළදී පදනම් වසරකට සාපේක්‍ෂව ආර්ථිකයක ව්‍යූහාත්මක වර්ධනය හා මිල මට්ටම්වලට සාපේක්‍ෂව නිෂ්පාදනය ගණනු බලනු ලැබේ.
මෙම පදනම් වසර 2004-2005 සිට 2011-2012 වසර දක්වා වෙනස් කළ පසු මෙම ආර්ථික වර්ධනයේ මෙම වෙනස නිරූපණය වී ඇතැයි පැවසේ. කෙසේවෙතත් මේ පිළිබඳව ඇතැම් ආර්ථික විශේෂඥයින් විසින් සැක පහළ කරන බවද වාර්තා වේ.
Wednesday, February 11, 2015
ආර්ථික වර්ධනයෙන් ඉන්දියාව චීනය පරයා යයි
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment