මා අගවිනිසුරුකමෙන් විශ්‍රාම ගෙන, ඉල්ලා අස් වී හෝ අතහැර ගියේ හෝ නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 2, 2015

මා අගවිනිසුරුකමෙන් විශ්‍රාම ගෙන, ඉල්ලා අස් වී හෝ අතහැර ගියේ හෝ නෑ

තමන් අගවිනිසුරු ධුරයෙන් විශ්‍රාම ගෙන හෝ ඉල්ලා අස් වී හෝ අතහැර හෝ නොගිය බව මොහාන් පීරිස් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

තම අරමුණ අගවිනිසුරු ධුරයේ අභිමානය ගරුත්වය හා සුසන්වරය පවත්වාගෙන යාම බවද පවසන ඔහු හිටපු අගවිනිසුරුතුමිය ඉවත් කොට රජය හා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් සැඳුම්ලත් පාර්ලිමේන්තු කාරක සභාවක් මගින් ලද අනුමැතියට අනුව තමන් අගවිනිසුරු ලෙස පත්වූ බවද සඳහන් කරයි.

අගවිනිසුරු ඉවත් කිරීම කල හැක්කේ ව්‍යවස්ථාවේ 107-02 වගන්තියට අනුව පාර්ලිමේන්තුව ඇමතීමෙන් පමණක් බවද පෙන්වා දෙන ඒ මහතා මෙය විධායක විසින් තමන්ට නොමැති බලයක් ආරූඩ  කර ගනිමින් ව්‍යවස්ථාදායකයේ බලය අභිබවා කළ ව්‍යවස්ථා විරෝධි ක්‍රියාවලියක් බවද කියා සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad