රාජපක්ෂලාගේ විදෙස් වත්කම් සෙවීම ලෝක බැංකුවට පවරයි ! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 2, 2015

රාජපක්ෂලාගේ විදෙස් වත්කම් සෙවීම ලෝක බැංකුවට පවරයි !

රාජපක්ෂවරුන් හා ඔවුන්ගේ අනුගාමිකයින් විසින් පසුගිය පාලන සමයේ විදේශ බැංකුවල තැම්පත් කරන ලද මුදල් පිළිබඳව හා විදේශයන්හි මිලදී ගනු ලැබූ දේපල පිළිබඳව සොයා බලා, අයතා අන්දමින් උපයා ඇති වත්කමක් වේ නම් ශ්‍රී ලංකා රජය වෙත පවරා ගැනීම සඳහා ජාත්‍යන්තර ලෝක බැංකුවේ සහය ලබා ගැනීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව, අයතා අන්දමින් මහජන දේපල සොරාගත් රාජ්‍ය නායකයින් පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ලෝක බැංකුව විසින් ස්ථාපිත කර ඇති StAR (The Stolen Asset Recovery Initiative) ආයතනය වෙත රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් පැමිණිලි කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සි. වැලිඅමුණ මහතා පෙබරවාරි 10 දා වොෂින්ටන් නුවර වෙත යාමට නියමිතය.

ජේ.සි. වැලිඅමුණ මහතා, වංචා දුෂණ විමර්ශනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් පත්කළ විශේෂ කමිටුවේ සාමාජිකයෙකි.

No comments:

Post a Comment

Post Bottom Ad