ධම්මික, රවී කැසිනෝ 5න් 3 ක් වහයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 2, 2015

ධම්මික, රවී කැසිනෝ 5න් 3 ක් වහයි

නව රජයේ අතුරු අයවැය මගින් කැසිනෝ ව්‍යාපාරිකයින්ගෙන් එක් කැසිනෝ බලපත්‍රයක් සඳහා රුපියල් මිලියන 1000 ක විශේෂ බද්දක් අය කිරීමට තීරණය කිරීම හමුවේ මෙරට කැසිනෝ ව්‍යාපාරික කටයුතු කරන ධම්මික පෙරේරා සහ රවී විජේරත්න යන ව්‍යාපාරිකයින් සිය කැසිනෝ සූදු පොළවල් කිහිපයක් වසා දැමීමට තීරණය කර ඇතැයි අනාවරණය වේ.

මේ අනුව, කැසිනෝ බලපත්‍ර තුනක් හිමි ධම්මික පෙරේරා මහතා තමන්ගේ කැසිනෝ සූදු පොළවල් දෙකක් වසා දැමීමට තීරණය කර තිබෙන අතර ඉදිරියටත් පවත්වාගෙන යාමට තීරණය කර තිබෙන්නේ ඩී.ආර්. විජේවර්ධන මාවතේ දැනට පවත්වාගෙන යන කැසිනෝ සූදූ පොළ පමණි.

මේ අතර වාර්තා පෙන්වා දෙන්නේ රවී විජේර්ත්න මහතා තමන්ට හිමි කැසිනෝ සූදු පොළවල් දෙකින් එකක් වසා දැමීමට සූදානමින් සිටින බවයි.

මෙවර අයවැය මගින් කැසිනෝ ව්‍යාපාරිකයින් සඳහා එක් කැසිනෝ බලපත්‍රයක් වෙනුවෙන් හඳුන්වා දුන් රුපියල් මිලියන 1000 ක විශේෂ බද්ද අප්‍රේල් 15 වනදාට පෙර ගෙවිය යුතු අතර ඒ තුළින් රජය රුපියල් බිලියන 05 ක ආදායමක් බලාපොරොත්තු වේ.

මේ අතර, වත්මන් රජය කැසිනෝ ව්‍යාපාරික කටයුතු වලට වැට බැඳීම හමුවේ ජේම්ස් පැකර්ද සිය කැසිනෝ ව්‍යාපාරික කටයුතු සහිත සිය හෝටල් ව්‍යාපෘතිය නතර කරන ලදී. අනාවරණය වන ආකාරයට ධම්මික පෙරේරාගේ කැසිනෝ ව්‍යාපාරවල සේවකයින් 1964 දෙනෙකු පමණ සිටී.

No comments:

Post a Comment

Post Bottom Ad