රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායකවරයාව සිටියදී බළපිටියට පැමිණි අවස්ථාවක පහරදීමට තැත්කොට ඒ මහතාගේ නිල රථයට ගල්මුල්වලින් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් බළපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඒ.දයාරත්න ද සිල්වා මහතා ඇතුළු 08 දෙනෙකු අද (02) අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය 2013 ජුනි 11 වැනිදා බළපිටිය මිගෙට්ටුවත්තේදී මෙම ගැටුම ඇතිවූ අතර එහිදී බළපිටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් වන අජිත් අසේල ද සොයිසා, එම්.ඩී. සෙනරත් යන මහත්වරු පහරකෑමට ලක්වූහ.
මෙම සිද්ධිය ගැන පහරකෑමට ලක්වූ මන්ත්‍රීවරුන් අහුන්ගල්ල පොලීසියට කළ පැමිණිල්ල වසර එකහමාරක් පමණ යටපත් ව තිබිණි.
Monday, February 2, 2015
රනිල්ට පාට්දැමු බලපිටියේ සභාපති අත්අඩංගුවට
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment