දින කිහිපයකට පෙර රුසියාවේ විශ්වවිද්‍යාලයක පුස්තකාලයක් දැවී යාමෙන් වටිනා ඓතිහාසික ලිපි ලේඛන මිලියන ගණනාවක් පිලිස්සී ගිය බව එරට බලධාරීහු පවසති.
මෙම ගින්න ඇතැම් අය හඳුන්වා දී ඇත්තේ “සංස්කෘතික චර්නොබෝල්’ ඛේදවාචකයක් ලෙසයි.
රුසියාවේ විශාලතම පුස්තකාල අතුරින් එකක් ලෙස සලකන මෙම පුස්තකාලයේ හටගත් ගින්න දින දෙකක් පමණ කාලයක් තුළ සම්පූර්ණයෙන් නිවා දැමීමට නෙහැකි විය.
ඒ හේතුවෙන් 1918 දී පිහිටුවනු ලද විද්‍යාත්මක සහ සමාජ විද්‍යා තොරතුරු ආයතනයේ (INION) වර්ග මීටර් 2000ක් පමණ සම්පූර්ණයෙන් දැවී ගොස් ඇතැයි වාර්තා වේ. එහි තැන්පත් කර තිබූ ලේඛන සංඛ්‍යාව මිලියන 10ක් පමණ වන අතර ඇතැම් ලේඛන 16 වන ශතවර්ෂයේ තරම් පැරැණි ඒවායි.
මෙය විද්‍යාවට සිදු වූ බරපතළ පාඩුවක් බව රුසියාෙව් විද්‍යා ඇකඩමියේ සභාපති වැල්ඩිමීර් ෆොබාව් පවසයි. ලිපි ලේඛන එක්රැස් කර තිබූ ලොව විශාලතම විද්‍යාත්මත ලිපි ලේඛනාගාරයක් වූ මෙය අමෙරිකාවේ කොංග්‍රස් පුස්තකාලයට සමාන එකක් බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.
ලිපි ලේඛනවලට වැඩිම හානියක් සිදු වී ඇත්තේ ගිනි නිවීමේ මෙහෙයුම්වලදී පාවිච්චි කළ ජලයෙන් බව වාර්තා වේ. ගිනි නිවීමේ කටයුතුවල ගිනි නිවන හමුදා භටයන් 200 කට අධික පිරිසක් සහභාගී වී ඇත. ගින්නෙන් කිසිවෙකුටවත් අනතුරක් සිදු වී නැත. මූලික විමර්ශන අනුව අනතුරට හේතුව විදුලි ඛාන්දුවක් බව පෙනී ගොස් ඇතැයි වාර්තා වේ.
Monday, February 2, 2015
රුසියාවේ පුස්තකාලයක ගින්නක් ඓතිහාසික ලිපි ලේඛන රැසක් විනාශයි
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment