අමෙරිකාවේ තෙහැවිරිදි දරුවා අතින් තුවක්කුව පත්තු වී මව-පියා රෝහලේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 2, 2015

අමෙරිකාවේ තෙහැවිරිදි දරුවා අතින් තුවක්කුව පත්තු වී මව-පියා රෝහලේ

අත් තුවක්කුවක් අතැතිව සෙල්ලම් කරමින් සිටි තුන් හැවිරිදි අමෙරිකන් දරුවෙක් අතින් තුවක්කුව පත්තුවීමෙන් ඔහුගේ පියා සහ ගැබිණි මවට වෙඩි වැදී ඇතැයි වාර්තා වේ.

මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුවී ඇත්තේ මෙක්සිකෝවේ හෝටලයකදී බව CNN පුවත් සේවය වාර්තා කරයි. 

මවගේ අත් බෑගයේ තිබූ තුවක්කුව අතට ගත් පිරිමි දරුවා සිය පියාට වෙඩි තබා තිබේ. පියාගේ උකුළු ප්‍ර‍දේශය පසාරු කරගෙන ගිය වෙඩි උණ්ඩය ඉන් අනතුරුව මවගේ උර හිසට වැදී ඇත. මව අටමස් ගැබිණියක් බව වාර්තා වේ.

තුවාල ලැබ රෝහල්ගත වූ පියා සුවය ලබා පිටව ගොස් ඇති අතර මව තවදුරටත් ප්‍රතිකාර ලබන බව සඳහන්. මේ අතරවාරයේදී තුන් හැවිරිදි දරුවා සහ ඔහුගේ දෙහැවිරිදි නැඟණිය ළමා සුබසාධක නිලධාරීන්ගේ භා‍රයේ සිට ඇත.

ළමයින් සම්බන්ධ වූ ‍අමෙරිකාවෙන් වාර්තා වන වෙඩි තැබීමේ නවතම සිද්ධිය මෙය බව සඳහන්.

No comments:

Post a Comment

Post Bottom Ad