ඉන්දියාව සාර්ථකව දිගු දුර මිසයිලයක් අත්හදා බලයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 2, 2015

ඉන්දියාව සාර්ථකව දිගු දුර මිසයිලයක් අත්හදා බලයි

ඉන්දියාව විසින් අත්හදා බලන ලද නවතම දිගු දුර න්‍යෂ්ටික මිසයිලයට චීනයට සහ යු‍රෝපය දක්වා ගමන් කළ හැකිය. මේ මිසයිලය කක්ෂගත කළේ ට්‍රක් රථයක සවි කර තිබූ කැනිස්ටරයක් මතින් බව එරට බලධාරීහු පවසති.

කි.මී. 5000ක් තරම් දුර ගමන් කළ හැකි අග්නි 5 බ්ලැස්ටික මිසයිලයක් ට්‍රක් රථයක අටවා කක්ෂගත කර ඇත්තේ ප්‍රථම වතාවට බව ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානයේ ප්‍රකාශකයෙක් අනාවරණය කර තිබේ.

මෙම මිසයිලය ක්‍රියාත්මක කර ඇත්තේ ඉන්දියාවේ නැඟෙනහිර වෙ‍රළෙන් ඔබ්බේ බෙංගාල බොක්කේ වීලර් දූපතේ සිටයි. අග්නි 5 මිසයිලය දිග මීටර් 17කි. බර ටොන් 5කි. මෙමඟින් චීනය සහ බටහිර යුරෝපා කලාපයට යුද ආයුධ හා ආම්පන්න ගෙනයාමේ හැකියාව තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad