මේක සූර සරදියෙල් පන්නයේ අයවැයක්.. – රනිල් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 2, 2015

මේක සූර සරදියෙල් පන්නයේ අයවැයක්.. – රනිල්

මෙවර ඉදරිපත් කල අතුරු අයවැය සූර සරදියෙල් පන්නයේ අයවැයක් යයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මැවනැල්ලේදී කීය.

මේක සරදියල්ගේ අයවැයක්.පෙහොසතාගෙන් අරන් දුප්පතාට දෙන අයවැයක්.මහින්ද චින්තනයෙන් මොකද්ද කළේ ? දුප්පතාගෙන් අරන් පොහොසතාට දුන්නා. අවුරුදු දහයක්ම කළේ ඒකයි.

අපේ රජය කළේ පොහොසතාගෙන් අරන් දුප්පතාට දීමයි.රජයේ සේවක පඩි වැඩි කළා, බඩු මිල අඩු කළා,තවත් සහන රැසක් දුන්නා.ව්‍යාපාරිකයන් දැන් අපට කියන්නේ බදු බර වැඩියි. 


අපට සහනයක් දෙන්න කියලා.අපි ඔවුන්ට කියන්නේ අවුරුද්දක් විතර ඉවසන්න කියලයි.දුප්පතා අවුරුදු දහයක්ම එම බර දැරූ බව අමතක නොකළ යුතුයි’ යයිද ඔහු එහිදී වැඩි දුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad