බහුතර ඇමරිකානුවන් මුදල් අහේනියෙන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 6, 2015

බහුතර ඇමරිකානුවන් මුදල් අහේනියෙන්

ඇමරිකානු පුරවැසියන්ගෙන් බහුතරයක් මුදල් අගහිගකම් නිසා මානසික පීඩනයෙන් පසුවන බව නවතම සමීක්‍ෂණයකින් අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

ඇමරිකානු මනෝවිද්‍යා සංගමය පවසා ඇත්තේ 2014 වසරේදී ඇමරිකානු ජනතාවගේ මානසික පීඩනයට ප‍්‍රධාන හේතුව මුදල් අගහිගකම් බවයි.

හැරිස් පෝල් ආයතනය විසින් සිදුකර ඇති මෙම සමීක්‍ෂණය මගින් 72%ක් ඇමරිකානුවන් යම් අවස්ථාවන්වලදී මුදල් නැතිකම නිසා මානසික පීඩනයෙන් පසුවන බව හෙළිවී තිබේ.

මේ අතර 22%ක් පවසා ඇත්තේ ඔවුන් මූල්‍ය අගහිගකම් නිසා නිරන්තරයෙන්ම බරපතල මානසික පීඩනයකින් පසුවන බවයි.

ආරක්‍ෂිත ජීවිතයක් සඳහා අනිවාර්යය අවශ්‍යතාවයක් වී ඇති මුදල් නොමැතිකමින් ජීවිතය අභියෝගයක් වූ විට මානසික පීඩන මට්ටම් ඉහළ යන බව ඇමරිකානු මනෝවිද්‍යා සංගමයේ ප‍්‍රධාන විධායක නිලධාරී නෝර්මන් ඇන්ඩර්සන් පවසා තිබේ.

මෙම තත්වය කාන්තාවන්, දෙමව්පියන් සහ යෞවනයන් අතර බහුලව දක්නට හැකි බව මෙම සමීක්‍ෂණය මගින් අනාවරණය වී ඇත.

මේ අතර මුදල් පිළිබඳ සිත් තැවුලට පත්වීම ඇමරිකානුවන්ගේ සෞඛ්‍යයට හානිකර ලෙසින් බලපාන බව හෙළිවී ඇති අතර බොහෝ දෙනෙක් මත්පැන් බීම සහ දුම්පානය වැනි අහිතකර පීඩන කළමණාකරණ ක‍්‍රමවේදයන් භාවිතා කරන බව පැවසේ.

මුදල් නැතිකම නිසා 32%කට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගෙවීමට නොහැකිවී ඇති අතර 12%ක් වෛද්‍යවරයෙකු හමුවීම අතපසු කරන බව පැවසේ. 31%ක් පවසා ඇත්තේ සිය සබඳතාවල ගැටළු ඇතිවීමට මූලික හේතුව මුදල් බවයි.

No comments:

Post a Comment

Post Bottom Ad