මහින්දට දෙන්න යන්නෙ මෛත්‍රි දැන් ඉන්න නිල නිවස - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 5, 2015

මහින්දට දෙන්න යන්නෙ මෛත්‍රි දැන් ඉන්න නිල නිවස

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට වත්මන් රජය මගින් නිල නිවසක් ලබාදීමට නියමිතව සිටියත් ඒ සඳහා සුදුසු ස්ථානයක් නැතිව පසුගිය දිනවල ඒ ගැන අවිනිශ්චිතතාවයක් පැනනැගී තිබුණා. 

මුලින්ම හිටපු ජනපතිවරයා ඉල්ලා තිබුනේ ඔක්ලන්ඩ් හවුස් නිල නිවස ගැනයි. නමුත් එම ස්ථානය ලබාදීමට මෛත්‍රිපාල ජනපතිවරයා එක`ග නොවූ අතර කොළඹ අවටින් වෙනත් බංගලාවක් වෙන්කර දිය හැකි බව දන්වා තිබුණා. මේ අතරවාරයේ හිටපු ජනපතිවරයාගේ බඩුභාණ්ඩ 

සහිත කන්ටේනරයක් පෑලියගොඩ ප්‍රදේශයේ ගාල් කරන ලද්දේ නව නිල නිවස ලැබෙනතුරු රඳවා ගන්නටයි.මේ දිනවල පැවැත්වෙන සාකච්ඡා අනුව වර්තමාන ජනපති වාසය කරන විජේරාම මාවතේ
නිවස මහින්දට ලබාදීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වනවා. 

මෛත්‍රිපාල ජනපතිවරයා සෞඛ්‍ය ඇමතිවරයා කාලයේ සිටම වාසය කළේ එහිය. කෙසේ වෙතත් මහින්දට එය ලබාදී මෛත්‍රිපාල ජනපතිවරයා වාසය සඳහා යන ස්ථානය ගැන තවම ආරංචි පළ නොවේ. 

අරලියගහ මන්දිරය තමා පරිහරණය නොකරන බව මෛත්‍රිපාල ජනපතිවරයා මින් ඉහත කියා සිටියා. මේ අතර කොළඹ පිහිටි ජනපති මන්දිරය මේ දිනවල ලහි ලහියේ ප්‍රතිසංස්කරණය කරන බවද වාර්තා වනවා.

No comments:

Post a Comment

Post Bottom Ad