අනේ අපිව අසරණ කරන්න එපා ජනාධිපතිතුමනි ආයෙ ඉල්ලන්නකො... ඉල්ලන්නකො... - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 5, 2015

අනේ අපිව අසරණ කරන්න එපා ජනාධිපතිතුමනි ආයෙ ඉල්ලන්නකො... ඉල්ලන්නකො...

 -පෝයදා මැදමුලනෙදී උපාසකම්මලා කෑ මොර දෙති


පෙරේදා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සහභාගීවූ පින්කම් අවස්ථාවක් මැදමුලන කාල්ටන් නිවසේදී පැවැත්වුණා. එම අවස්ථාවට හිටපු ජනපති පවුලේ උදවියට අමතරව අසල්වාසී පිරිස්ද එක්ව සිටියා. 

ධර්ම දේශනයෙන් අනතුරුව රැස්ව සිටි පිරිස සමග කෙටි පිළිසඳරක යෙදීම සඳහා හිටපු ජනපතිවරයා ඔවුන් අතරට ගිය අවස්ථාවේ උපාසකම්මලා කිහිප දෙනෙකු කෑමොරදෙමින් ජනපතිට සිදුකළ කන්නලව්ව රූපවාහිනී නාලිකාවලින්ද ප්‍රචාරය වුණා. එම අවස්ථාවේ කාන්තාවක කියා සිටියේ..

අනේ ඔබතුමා අපට ලෝක වීරයෙක් හැමදාම..අනේ ජනාධිපතිතුමනි අපි අසරණ කරන්න එපා ජනාධිපතිතුමනි..ආයෙ ඡන්දෙ ඉල්ලන්නකො ..ඉල්ලන්නකො..
අනේ අපි අසරණ කරන්න එපා...

ඇය අස්වසාලූ මහින්ද කියා සිටියේ

නෑ නෑ නෑ ඉල්ලනව.. ඉල්ලනවා... 
කවුද කිව්වෙ නෑ කියල..ලෙසිනි.

No comments:

Post a Comment

Post Bottom Ad