‘අද මිනිස්සු මාව බලන්න එන්නේ ඉඩම්-රස්සා-කොන්ත‍්‍රාත්-ටෙන්ඩර් ඉල්ලගෙන නෙමෙයි.මා කරපු සේවයට කළගුණ දක්වන්න.
එදා මා ළගින් ඉදන් මගේ ගුණ වර්ණනා කර වරප‍්‍රසාද ගත් ඇතැම් මිතුරන් අද මා මළ මිනියකට උපමා කරනවා.
ජනවාරි 8 වැනිදා ? මම කුමන්ත‍්‍රණය කළාලූ. ඒක මහ විහිළු කතාවක්. මහින්ද රාජපක්ෂ කුමන්ත‍්‍රණකාරයෙක් නම් ඉතුරු අවුරුදු 2ත් බලයේ ඉදලා ඔය කියන කුමන්ත‍්‍රණය කරන්න තිබුණා’ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඔහු එසේ පැවසුවේ තංගල්ලේ පිහිටි ඒ මහතාගේ කාල්ටන් නිවෙසට පැමිණි විශාල ජනතාවක් අමතමිනි.
මහින්ද රාජපක්ෂ මහතා එහිදී මෙසේද කීය.
‘එදා මා ළගින් උන් දේශපාලන මිතුරන්ට පවා මා රටට,ජාතියට කළ සේවය අමතක වෙලා තියෙනවා. එදා මා ළගින් ඉදන් මගේ ගුණ වර්ණනා කරමින් විවිධ වරප‍්‍රසාද ලබාගත් ඇතැම් මිතුරන් මා මළ මිනියකට උපමා කරනවා.
දේශපාලනයේ හැටි එහෙම තමයි. මේ හතළිස් වසරක දේශපාලන ජීවිතය තුළ මා ජය පරාජය විද තිබෙනවා.දේශපාලනය නිසා හිර ගෙවල්වල පවා ගොස් තිබෙනවා.
පසුගිය 09 වැනිදා හිමිදිරියේ අරලියගහ මන්දිරයෙන් එළියට බැහැලා ආව මොහොතේ සිට මේ මොහොත දක්වා තමුන්නාන්සේලා ඈත ගම් දනව්වල සිට මාව බලන්න වැල නොකැඞී එනවා.ඈත ගම්දනව් වලින් එන දුප්පත් මව්වරු-පියවරු මගේ හිස අතගාල මුහුණ සිප ගන්නවා.
ඉතින් මිනිසෙකුට මෙයට වඩා තවත් සතුටක් තියෙනවද? එදා මා ජනාධිපතිවරයා වෙලා ඉන්න කොට මට ඔබලා සමග සමීපව ජීවත් වෙන්න බැරි වුණා. මගේ අවිවේකී බව නිසා ඔබලා මගෙන් ඈත් කළා. අද ඔබලා මාව බලන්න එන්නේ මගෙන් රැුකියා ඉල්ලන්න නෙවෙයි.
ඉඩම් ඉල්ලන්න නෙවෙයි. ටෙන්ඩර් එකක්,කොන්ත‍්‍රාත් එකක් ඉල්ලන්න නෙවෙයි. මා කළ සේවයට කෙළෙහිගුණ දක්වන්න. ඉතින් මිනිසෙකුට ලබන්න පුළුවන් මීට වඩා සතුටක් තියෙනවද?
මගේ දේශපාලන මිතුරන් කියනවා 8 වැනිදා රාත‍්‍රියේ දේශපාලන කුමණ්ත‍්‍රණයක් කිරීමට සූදානම් වුණ බව. ඒක මහ විහිළු කතාවක්. මට තව වසර දෙකක් බලයේ ඉන්න තිබුණා.
මහින්ද රාජපක්ෂ කුමන්ත‍්‍රණකාරයෙක් නම් ඒ වසර දෙකත් බලයේ ඉදලා ඔය කියන කුමන්ත‍්‍රණය කරන්න තිබුණා. මහින්ද රාජපක්ෂගේ දේශපාලන ජීවිතය තුළ කුමණ්ත‍්‍රණ තිබුණේ නැහැ. හැමදාමත් ජනතාව සමග ඉදිරියෙන් ඉදගෙන දේශපාලනය කලේ’
Friday, February 6, 2015
Home
ප්රවෘත්ති
ඈත ගම්දනව්වලින් එන දුප්පත් මව්-පියවරු මගේ හිස අතගාල මුහුණ සිප ගන්නවා… ඉතින් මිනිසෙකුට මීට වඩා තවත් සතුටක් තියෙනවද? – මහින්ද
ඈත ගම්දනව්වලින් එන දුප්පත් මව්-පියවරු මගේ හිස අතගාල මුහුණ සිප ගන්නවා… ඉතින් මිනිසෙකුට මීට වඩා තවත් සතුටක් තියෙනවද? – මහින්ද
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment