අමරිකානු වෙබ් අඩවියක් ශ්‍රී ලංකාවේ ජාතික ධජයට නිගරු කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, February 5, 2015

අමරිකානු වෙබ් අඩවියක් ශ්‍රී ලංකාවේ ජාතික ධජයට නිගරු කරයි

ශ්‍රී ලංකාව සිය 67 වන ජාතික නිදහස් දිනය අභිමානයෙන් සමරද්දී ශ්‍රී ලංකාවේ ජාතික ධජයට නිගරු වන අකාරයෙන් නිර්මාණය කෙරුණු ඡායාරුපයක් අපට හමුවුණා. 

මෙම ඡායාරූපය පලකර තිබෙන්නේ ප්‍රවෘත්ති ආයතනයක් වන ද නිව්යෝක් ටයිම්ස් පුවත් පතේ නිල වෙබ් අඩවියෙයි. ඉකුත් ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඑලය අලලා පළ කෙරුණු ලිපියකට අදාලව එහි මෙම ඡායාරූපය පළ කර තිබුනා. 

අදාළ ලිපියේ දැක්වෙන්නේ ලෝකයේම කම්පනයට පත් කරමින් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයෙන් ඉවත් කිරිමට ශ්‍රී ලාංකිකයින් ක්‍රියාකර ඇති බවයි. 2009දී යුද්ධය නිමා කිරීමට නායකත්ව ලබා දුන්නේ මහින්ද රාජපක්ෂ මහතා බවත් ඉන්පසු සිය සහෝදරයන් සමඟ එක්ව ඔහු ඒකාධිපති පාලනයකට  මුල පිරු බවද අදාළ ලිපියේ දැක්වෙනවා. 

ප්‍රජාතන්ත්‍ර විරෝධී සියළු ක්‍රියා අවසන් කර සියලු ආගමිකයන්ගේ සහය හා ජනවර්ග වල අයිතීන් තහවුරු කරන බව නව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර ඇති බව ද එහි සදහන්. 

ශ්‍රී ලංකාවට නව ගමනක් ආරම්භ කිරීමට සුදුසුම අවස්ථාව මෙය බව අමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රකාශ කර ඇති බව අදාළ වෙබ් අඩවියේ දැක්වෙනවා. 

http://www.nytimes.com/2015/01/20/opinion/helping-sri-lankas-new-democracy.html



No comments:

Post a Comment

Post Bottom Ad