නමුත් ඔබ නොදැනුවත්ව ඔබේ ගිණුම වෙනත් පුද්ගලයෙකු විසින් භාවිතා කරනවා විය හැකියි. එසේ වුවහොත් ඔබ අනවශ්‍ය අපහසුතාවයන්ට පත් වීමට ඉඩකඩ තිබෙනවා.
මේ දින වල පැතිර යන වෛරසයක් හේතුවෙන් ඔබේ facebook ගිණුම වෙන පුද්ගලයෙකුගේ(Hacker) ග්‍රහණයකට හසු වී තිබෙන්නට පුළුවන්. ඔබ චැට් කරන අවස්ථාවේදී ඔබේම යාළුවෙකු ඔහු විසින් ඔබට එවන ආකාරයට පණිවිඩයක් ඒවා තිබේ.
නමුත් එම පණිවිඩය යැවූ බවට එම පුද්ගලයාද නොදනී. එම පණිවිඩය ඔබට ලින්ක් එකක් ආකාරයට ඒවා තිබෙන්නට පුළුවන්.එහි සදහන් වන්නේ ඔබට facebook වෙබ් අඩවියේ තිබෙන වීඩියෝ නැරඹීමට නොහැකියි බවත් පරිගණකයේ තිබෙන Flash Player මෘදුකාංගය යවත්කාලින කරගන්න ලෙසත්ය.
නැතිනම් වෙනත් ප්ලගින් එකක් install කරන ලෙස පණිවිඩයක් ලැබෙනවා. නමුත් ඇත්තටම ඔබ install කරන්නේ වයිරස් එකක්. එය පරිගණකයට දැමු සැනෙන් පරිගණකය විසින් මෙම වෛරසය ඇතුලත් කර ගන්නවා.
එම නිසා මේ දිනවලදී මේ ආකාරයට පැතිරී යන අන්තර්ජාල වෛරස් වලින් ඔබගේ පරිගණකය සහ ගිණුම ආරක්ෂා කරගන්නට වග බලා ගන්න.

No comments:
Post a Comment