මහින්දගේ පවුල රජ සැප වින්දා.. පුත්තු ලැම්බෝගිනි පැද්දා.. ජනතාව දුක් වින්ඳා… අපි රට එක් සේසත් කරනවා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, February 1, 2015

මහින්දගේ පවුල රජ සැප වින්දා.. පුත්තු ලැම්බෝගිනි පැද්දා.. ජනතාව දුක් වින්ඳා… අපි රට එක් සේසත් කරනවා..

පසුගිය ආණ්ඩුවේ හිටපු මෙගා ඩිල්කාරයන්ට රට හැරගොස් සැඟවී ඉන්න ඉඩ දෙන්නේ නැති නැති බවත්  ඔවුන් ජනතාව ඉදිරියට ගෙන එන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු මෙසේ සදහන් කලේ කළුබෝවිල ජාත්‍යන්තර පාසැල් ශ‍්‍රවණාගාරයේදී සංවිධානය කළ විශේෂ ජන හමුවකට එක් වෙමිනි.
ඇමතිවරයා එහිදී මෙසේද කීය.

‘පසුගිය ආණ්ඩුව ජනතාවගේ සල්ලි ගසා කාලා කරපු හොර දුෂිත ක‍්‍රියා ගැන අපි රටට හෙළි කරන්න පටන් අරගෙන තියෙන්නේ.ඔය හොරු අපි ජනතාව ඉදිරියට ගේනවා. පසුගිය ආණ්ඩුවේ හිටපු මෙගා ඩිල්කාරයන්ට රට හැරයන්න සැගවිලා ඉන්න දෙන්නේ නැහැ. 

අපේ ආණ්ඩුවෙන් අපි ජනතාවට සහන දෙනවා.රට එක්සේසත් කරනවා.ඒක ජනතාවට දින 100 යේ වැඩ පිළිවෙළ තුළින් බලාගන්න පුළුවන්. මේ සිංහල බෞද්ධ රටේ සදාචාරය,සාමය,විනයගරුක බව ඇති කරන්න පුළුවන් හැම වැඩ පිළිවෙළක්ම අපි රට තුළ ක‍්‍රියාත්මක කරනවා.

මහින්ද මහත්තයාගේ පවුල රජ සැප වින්දා. ජනතාව දුක් වින්දා.පුත්තු ලැම්බෝලිනි පැද්දා.මේවා කාගේ සල්ලිද කියලා අපි මහින්ද මහත්තයාගෙන් අහනවා.

දැන් ජනතාව බය වෙන්න  ඕනේ නැහැ.අපි හැමදාමත් ජනතාව සමග ඉන්නවා.ජනතාවට සහන දෙනවා. ජනතාවගේ  ඕනෑ එපාකම් ගැන සොයා බලනවා.දැන් රටට උදාවෙලා තියෙන්නේ මෛත‍්‍රී පාලනයක්. 

දැන් අපේ මේ වැඩපිළිවෙල කඩාදමන්න ඇතැම් විජ්ජාකාරයන් මාන බලනවා.බොරු කතා රටතුළ පතුරුවනවා. ඒවාට රැවටෙන්න එපා.අපිත් එක්ක එකතු වෙන්න මේ රට දියුණු කරන්න’

No comments:

Post a Comment

Post Bottom Ad