ස්පෝර්ට් මීට් මැරතන් තරගය අතරතුර ඇදවැටී මියගිය 15 හැවිරිදි සිසුවාගේ පින්තුර සහ වීඩියෝ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, February 6, 2015

ස්පෝර්ට් මීට් මැරතන් තරගය අතරතුර ඇදවැටී මියගිය 15 හැවිරිදි සිසුවාගේ පින්තුර සහ වීඩියෝ

අම්බලන්තොට, බෝලාන මහා විද්‍යාලයේ නිවාසාන්තර කී‍්‍රඩා උළලේ අද පැවති මැරතන් ධාවන තරගයට සහභාගිවූ 10 ශ්‍රේණියේ සිසුවෙකු හදිසියේ මියගොස් තිබෙනවා.

මේ පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ චමෝද් සත්සර නමැති සිසුවෙකු මෙලෙස මියගොස් ඇති බවයි. මැරතන් තරගයේ කිලෝ මීටර් එක හමාරක පමණ දුරක් ධාවයේ යෙදෙන විට මෙම සිසුවා හදිසියේ රෝගාතුර වී හදිසි ඇදවැටී තිබෙනවා.

පසුව අම්බලන්තොට රජයේ රෝහලට රැගෙන යාමෙන් පසු ඔහු ජීවිතක්‍ෂයට පත් වූ බවයි අප වෙත තව දුරටත් වාර්තා වන්නේ. මෙම සිසුවා පාසලේ දීප්තිමත් සිසුවෙකු බවද අදහස් දැක්වූ එහි ගුරුවරියක්
කියා සිටියා.

පාසල් මැරතන් තරගවලට සහභාගි වූ සිසුන් හදිසියේ රෝගාතුරවීම හේතුවෙන් ඉකුත් වසරේද අවස්ථා කිහිපයකදී ජීවිතක්‍ෂයට පත්වීමේ සිද්ධීන් වාර්තා වුණා. පසුව අධ්‍යාපන බලධාරීන් නියෝග කළේ එවැනි තරගයකට සහභාගිවීමට පෙර කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්කර ශාරීරික යෝග්‍යතාව පරික්‍ෂා කර බැලිය යුතු බවයි. 







No comments:

Post a Comment

Post Bottom Ad