මෛත්‍රීට සහය දුන් 13ක් සමසමාජයෙන් ඉවතට - තිස්ස මහින්ද සමග හවුලක - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, February 2, 2015

මෛත්‍රීට සහය දුන් 13ක් සමසමාජයෙන් ඉවතට - තිස්ස මහින්ද සමග හවුලක

පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දුන් ලංකා සමසමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන් 13 දෙනෙක් එයින් නෙරපා හැරීමට පක්ෂ නායකත්වය තීරණය කොට ඇතැයි එම පක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසුවේය.

එසේ නෙරපා හරින ලද පිරිස අතර ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන ජයම්පති වික්‍රමරත්න මහතාද සිටින බව වාර්තා වේ. 

ලංකා සම සමාජ පක්ෂයේ නායකත්වය පසුගිය ජනාධිපතිවරණයේදී සහය පල කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටයි. එසේ වුවත් එම තීරණය සම්බන්ධයෙන් දිගින් දිගටම පක්ෂ අභ්‍යන්තරයේ අර්බුද පැවතිණි. 

කෙසේ වෙතත් මේ වන විට ලංකා සාමසමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු දේශපාලන පෙරමුණක් සෑදීම  සඳහාවන සාකච්ඡාවලට මේ දිනවල සහභාගිවන බවද දේශපාලන ආරංචි මාර්ග පවසයි. 

Asianmirror

No comments:

Post a Comment

Post Bottom Ad