වත්තල සභාපතිවරයා පුටුවෙන් පන්නා උප සභාපති බලය ගනී (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 30, 2015

වත්තල සභාපතිවරයා පුටුවෙන් පන්නා උප සභාපති බලය ගනී (VIDEO)

වත්තල ප්‍රාදේශීය සභාව අද (30) පෙරවරුවේ රැස්වූ අවස්ථාවේදී මන්ත්‍රීවරුන් පිරිසක් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී තිබේ.

වත්තල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට මූලාසනයෙන් ඉවත් වන ලෙසට බල කරමින් මෙම මන්ත්‍රීවරුන් පිරිසක් කලහකාරී ලෙස හැසිරීම හේතුවෙන් මෙම උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

පසුව විරෝධතාවයේ නිරත වූ මන්ත්‍රීවරුන් පිරිස බලහත්කාරයෙන් සභාපතිවරයා එම ස්ථානයෙන් ඉවත් කළ අතර ඉන් අනතුරුව උප සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මාසික රැස්වීම පැවැත්වූ බව වාර්තා වේ.

වත්තල ප්‍රාදේශීය සභාවේ බලය හිමිව ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ය.

එම වීඩියෝව පහතින් නරඹන්න

No comments:

Post a Comment

Post Bottom Ad