CSN කෝටි 100 බද්ධ ගෙවන්නේ නෑ. අයිතිය පවරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, January 30, 2015

CSN කෝටි 100 බද්ධ ගෙවන්නේ නෑ. අයිතිය පවරයි

වත්මන් පාලනය මගින් තම නාලිකාවට පැනවුණ රුපියල් කෝටි 100 නව බදු මුදල නොගෙවීමට CSN නාලිකාවේ හිමිකාරිත්වය තීරණය කර තිබෙන බව වාර්තාවේ.

ඊයේ මුදල් ඇමැති රවී කරුණානායක මහතා අතුරු අයවැය යොජනා ගෙන එමින් මෙරට ක්‍රීඩාව වෙනුවෙන් පවත්වාගෙන යන නාලිකා සඳහා එක්වරක් පමණක් ගෙවන රුපියල් කෝටි සියයක බදු මුදලක් ගෙවිය යුතු බව සඳහන් කළේය.

කෙසේ නමුත් එම නාලිකාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ මෙම නව බදු මුදල යෝජනා කිරීම හා ඒ නොගෙවීමට තීරණය කිරීම අන්‍යෝන්‍ය අවබෝධය මත සිදුව තිබෙන්නක් බවය. මේ අනුව මෙම නාලිකාව රජයට පවරා ගැනීම හෝ වෙනත් පෞද්ගලික හිමිකාරිත්වයකට පැවැරීම නුදුරේ සිදු වීමට නියමිතය.

මෙම නාලිකාවේ හිමිකාරිත්වය පවතින්නේ රාජපක්ෂ පවුලේ පුතුන්ට වන අතර මෙම නාලිකාව පවත්වගෙන ගොස් ඇත්තේ රජයට ගෙවිය යුතු බදු මුදල් ආදිය නොගෙවා බවත් හෙළි වී ඇත.

lankadaily

No comments:

Post a Comment

Post Bottom Ad