ඇදහිය නොහැකි විස්මයජනක ලොව විශාලතම කූඹි ගුල (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, October 22, 2014

ඇදහිය නොහැකි විස්මයජනක ලොව විශාලතම කූඹි ගුල (VIDEO)

ලොව විශාලතම කූඹි ගුල මෙම වීඩියෝවෙන් සහ ඡායාරූපවලින් දැක්වේ. මෙය 2012 වසරේදී සොයා ගත්ත ද එහි ඇති විස්මිතභාවය නිසා ම අපගේ පාඨකයින් වෙනුවෙන් එය පළ කිරීමට තීරණය කළෙමු.

වංකගිරියක් වැනි සංකීර්ණ නිර්මාණයක් වූ මෙම කූඹි ගුල අහම්බයකින් හමුවී ඇත්තේ, බ්‍රසීලයෙනි. කූඹින් විසින් අත්හැර දමා තිබූ මෙහි අන්තර් පිහිටීම සොයා ගැනීම සඳහා විද්‍යාඥයෝ අපූරු ක්‍රමවේදයක් භාවිත කළහ.


ඒ, කූඹි ගුලෙහි දොරටුවෙන් කොන්ක්‍රීට් දියරයක් ඇතුළු කිරීම ය. පසුව එම දියරය වේළුණු පසු එම කූඹි ගුල හෑරීම ආරම්භ කෙරිණි. කොන්ක්‍රීට් ඝන වී ඉතිරිව ඇති කොටස ඔවුන්ගේ කූඹි ගුල ය.

මෙම කූඹි ගුල සැකසීම සඳහා කූඹින් විසින් හාරා ඉවත් කර ඇති පස් ප්‍රමාණය ටොන් 40ක් පමණ වන බව ගණන් බලා තිබේ.  

මෙහි සිට ඇති කූඹි සංඛ්‍යාව මිලියන ගණනක් වන අතර කූඹින් සතුරු උපද්‍රවවලින් ආරක්ෂා වීම සඳහා ද මෙහි විශේෂ ආරක්ෂක කපොලු, හදිසි දොරටු ආදිය නිර්මාණය කර තිබීම විශේෂත්වයකි.

මෙම විස්මයජනක නිර්මාණයෙන් අපට හැඟෙනුයේ, ලෝකයේ අප දන්නා දේට වඩා නොදන්නා දේ වැඩි බව ය.

No comments:

Post a Comment

Post Bottom Ad