ජනාධිපතිවරණයට තරග කරන්නැයි ජනපති මගෙන් ඉල්ලූවා – උපාලි කොඩිකාර - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 14, 2014

ජනාධිපතිවරණයට තරග කරන්නැයි ජනපති මගෙන් ඉල්ලූවා – උපාලි කොඩිකාර

තමනට ජනාධිපතිවරණය සදහා තරග වදින ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඉල්ලා සිටි බව බස්නාහිර පළාත් සභා අමාත්‍ය උපාලි කොඩිකාර මහතා කියයි.

‘ජනාධිපතිතුමා මට මධ්‍යම කාරක සභාව තිබුණු දවසක එහෙම කතාවක් කිව්වා. 

නිකන් විහිළුවට. ඒත් මම දන්නේ නැහැ ඒ ඇත්තටමද විහිළුවටද එහෙම කිව්වේ කියලා. 

ජනාධිපතිතුමා මට හරිම හිතවත්. මට ආදරෙයි. මාව එතුමාට විශ්වාසයිනේ. මට මඩ ගැහුවාට මම නම් කිසිම වරදක් කරලා නෑ කවුරු මොනවා කිව්වත්’ යයිද ඇමතිවරයා කියා සිටියේය.

lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad