නිමල් ලන්සා නඩු දාපු ගමන් රන්ජන්ට ලාබයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 13, 2014

නිමල් ලන්සා නඩු දාපු ගමන් රන්ජන්ට ලාබයක්

තමනට බස්නාහිර පළාත් ඇමති නිමල් ලන්සා නඩු දාපු ගමන් හිතවතෙක් 50,000ක් දුන් බව එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

‘සුබ‍්‍රමනියම් ස්වාමි ජයලලිතාට නඩු දැම්මා. ඊගාව නඩුව රාහුල් ගාන්ධිට,සෝනියා ගාන්ධිටලූ. FB වල utube වල එහෙම වුණාට ඉන්දියාවේ එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.

මම One shot මම තිත්ත ඇත්ත කතා කරනවා කියලයි මිනිස්සු මට කියන්නේ. මේ නඩුව ගැන අහලා  ඕස්ටේ‍්‍රලියාවේ ඉන්න මගේ රසිකයෙක් මගේ ගිණුමට රුපියල් 50,000ක් දැම්මා.

ඒ වගේ ගොඩාක් අය ඉන්නවා මට උපකාර කරන්න. අනෙක් කාරණය මම කියපු ප‍්‍රකාශවල දුරකතන සංවාද, රෙකෝඞ් වුණු ඒවා, වීඩියෝ පට මං ගාව තියෙනවා. උසාවියේදී ඉතිරි ටික බලා ගමුකෝ.ඒ අයට මට ගෙවන්න වෙයි ඉදිරියට’ යයිද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad