කොළඹ කොටස් වෙළඳ පොළේ සමස්ත මිල දර්ශකය මේ වසරේ වැඩිපුරම පහළ ගිය දිනය ලෙස අද දිනය වාර්තා වූ අතර සමස්ත මිල දර්ශකය අද ගනුදෙනු අවසානයේදී ඒකක 136.78 කින් පහත වැටී ඒකක 7,184.22 ක් විය.
ප්‍රතිශතයක් ලෙස මෙම පහළ වැටීම සියයට 1.87 කි. මීට අමතරව, එස් ඇන්ඩ් පී මිල දර්ශකය අද ඒකක 95.47 කින් පහළ ගොස් ඒකක 4,014.55 ක් වූ අතර එය සියයට 2.32 ක පහළ යාමකි.
අද වෙළඳ පොළ පිරිවැටුම රුපියල් බිලියන 1.9 ක් වන අතර කොටස් මිලියන 128.6 ක් ගනුදෙනු විය.
පසුගියදා කොළඹ කොටස් වෙළඳ පොළ සහ විනිමය කොමිසම එක්ව ප්‍රාග්ධන වෙළඳ පොළ පිළිබඳ දැනුවත් කිරීමේ ජාත්‍යන්තර සමුළුවක්ද කොළඹදී පැවැත්වීය.
– adaderanabiz.lk
Monday, October 13, 2014
කොළඹ කොටස් වසරේ ලොකුම කඩා වැටීම අද
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment