බටහිර අප‍්‍රිකාවෙන් මතුවූ මාරාන්තික එබෝලා වෛරසය ඇමරිකාව විසින් නිෂ්පාදිත ජෛව රසායනික අවියක් බව ඇමරිකානු මහාචාර්යවරුන් දෙදෙනෙකු විසින් පවසා ඇතැයි වාර්තා වේ.
ඉලිනොයිස් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර නීතිය පිළිබඳ මහාචාර්ය ෆ‍්‍රැන්සිස් ඒ. බොයිල් පවසන්නේ එබෝලා වෛරසය බටහිර අප‍්‍රිකාව තුළ පැතිර ගියේ සෞඛ්‍ය පහසුකම්, ඖෂධ ආදියේ හිගතාවයක් නිසා බව කීම හුදු ප‍්‍රචාරණ වැඩපිළිවෙළක් බවයි.
එය බටහිර අප‍්‍රිකාවේ නිශ්චිත කලාපයක් තුළ පමණක් පැතිරගිය බවත් ඇමරිකානු වසංගත පාලන මධ්‍යස්ථානය විසින් පිහිටුවා ඇති ජෛව අවි පර්යේෂණාගාර වල පිහිටීම වසංගතය පැතිරගිය ප‍්‍රදේශය හා සබැඳියාවක් දක්වන බවත් ඔහුගේ අදහසයි.
මෙවර පැතිර යන එබෝලා වෛරසය මෙතෙක් හඳුනාගෙන ඇති එබෝලා කාණ්ඩ 5න් වඩා මාරාන්තික සයරේ-එබෝලා වන අතර එය 1976දී මුලින්ම වසංගතයක් ලෙස පැතිරගිය පසු ඇමරිකානු පර්යේෂණාගාර විසින් ලබාගන්නට ඇතැයි මහාචාර්ය බොයිල් පවසා තිබේ.
ලයිබීරියානු විශ්වවිද්‍යාලයේ හා ඩෙලවෙයාර් විශ්වවිද්‍යාලයේ ආචාර්ය සිරිල් බ්‍රොඩරික් පවසා ඇත්තේ එබෝලා වෛරසය පැතිරයාම පිළිබඳ සැබෑ තොරතුරු පෙන්ටගනය හා වසංගත පාලන මධ්‍යස්ථානය දන්නා හෙයින් ඔවුන් ඒ පිළිබඳ ඉතා විමසිල්ලෙන් පසුවන බවයි.
එය ජෛව අවි අත්හදා බැලීමක් හෝ පර්යේෂණාගාරයකින් කාන්දු වීමක් හෝ විය හැකි බවද ඔහු පවසා තිබේ.
Wednesday, October 22, 2014
එබෝලා වෛරසය ඇමරිකානු ජෛව රසායනික අවියක්
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment