ඔස්ටේ‍්‍රලියාව තුළ ඉස්ලාම් භීතිකාවේ නව රැල්ලක් පැතිර යමින් ඇති බව වාර්තා වේ.
පසුගිය දින කිහිපය තුළ ඉස්ලාම් භක්තිකයන්ට එරෙහි ප‍්‍රචණ්ඩ ක‍්‍රියාවන්හි වර්ධනයක් දක්නට ලැබී ඇති අතර මුස්ලිම් කාන්තාවන්ට වාචික අපහාස කිරීම් සහ ඉස්ලාමික දේවස්ථාන විරූපී කිරීම් ආදිය සිදුවී ඇතැයි පැවසේ.
ඕස්ටේ‍්‍රලියාව තුළ සිටින මුස්ලිම් ජාතික සිවිල් පුද්ගලයින් ගණනාවකට මරණ තර්ජන එල්ල වී ඇතැයිද හෙළිවී තිබේ. මුස්ලිම් නායකයන් ඔස්ටේ‍්‍රලියානු අගමැති ටෝනි ඇබට්ගෙන් ඉල්ලා ඇත්තේ රට තුළ පැතිර යන ඉස්ලාම් භීතිකාවට එරෙහිවන ලෙසයි.
ඕස්ටේ‍්‍රලියානු ජාතිකයින් ඝාතනය කරන ලෙස ඉස්ලාමික රාජ්‍ය සටන්කාමීන් විසින් මුස්ලිම්වරුන් වෙත කර ඇති දැනුම්දීමක් ප‍්‍රතිෙක්‍්ෂප කරන ලෙස ඕස්ටේ‍්‍රලියාවේ ප‍්‍රධාන පූජක ඉබ‍්‍රාහිම් අබු මොහොමඞ් විසින් නිවේදනය කරන ලදී.
ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වේ යයි සැකපිට ඕස්ටේ‍්‍රලියානු පාර්ලිමේන්තුව ආරක්‍ෂා කිරීමට සන්නද්ධ හමුදාව යෙදවීමටද රජය විසින් පියවර ගෙන තිබේ.
මේ අතර ඕස්ටේ‍්‍රලියානු පාර්ලිමේන්තුව තුළ නව ත‍්‍රස්ත විරෝධී පණතක් සම්මත කිරීමේ සැලසුමක් පිළිබඳ අනාවරණය කර ඇති අතර නව විධිවිධාන මගින් ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක නියැලීම, ප‍්‍රචාරණය, දිරිගැන්වීම සහ ඉල්ලා සිටීම නීතිවිරෝධී ක‍්‍රියාවක් වනු ඇත.
මේ අතර පොලිසියටද සැකකරුවන්ගේ නිවෙස් රහසිගතව වැටලීමට අවකාශ ලබාදී ඇතැයි පැවසේ.
Tuesday, October 14, 2014
ඕස්ටේ‍්‍රලියාව තුළ ඉස්ලාම් භීතිකාවේ රැල්ලක්
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment