අබ්දුල් හමීඩ් මහල් නිවාස සංකීර්ණය වසර 32කට පසු පූර්ණ ප්‍රතිසංස්කරණය කෙරේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, October 14, 2014

අබ්දුල් හමීඩ් මහල් නිවාස සංකීර්ණය වසර 32කට පසු පූර්ණ ප්‍රතිසංස්කරණය කෙරේ..

වසර 32කට පසු රුපියල් මිලියන 13.5 ක වියදමින් පූර්ණ ප්‍රතිසංස්කරණය කරන ලද කොළඹ 12, අළුත්කඩේ අබ්දුල් හමීඩ් මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත් කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදුකිරීමට නියමිතයි.

නිවාස 73කින් හා වෙළඳසැල් 22 කින් අබ්දුල් හමීඩ් මහල් නිවාස සංකීර්ණය සමන්විත වේ. මහින්ද චින්තන ඉදිරි දැක්ම අනුව විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක වන “ජනසෙවණ”ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව ක්‍රියාවට නැංවෙන “ නගමු පුරවර ” පැරණි මහල් නිවාස සංකීර්ණ ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහන යටතේ මෙම නිවාස සංකීර්ණය පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කර ඇත. මෙහි ප්‍රතිසංස්කරණ කටයුතු ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින්  මෙහෙයවන ලදී.

ගොඩනැගිලිවල වහල පිළිසකර කිරීම, සිවිලිම පිළිසකර කිරීම, දිරාගිය වඩිම්බු වැහිපීලි සහ ජල බස්නා නල අළුත්වැඩියා කිරීම,ගොඩනැගිලි බිත්ති, පොදු තරප්පු පෙළ අළුත්වැඩියා කිරීම, බිත්ති මත පැලෑටි ගලවා ඉවත් කිරීම, ආරුක්කුව පිළිසකර කර වර්ණාලේප කිරීම, නිවාස ඒකකවල පිටත ජල කාන්දුවීම් පිළිසකර කිරීම, ගොඩනැගිලි හා සම්බන්ධ මළ නාලිකා පද්ධතිය සහ අප ජල පද්ධති අළුත්වැඩියාව, වතුර ටැංකිය සහ ස්ලැබ් එක සහ අනෙකුත් වතුර කාන්දුවන ස්ථාන ජලරෝධනය කිරීම, ගොඩනැගිල්ලෙන් පිටත මනුවලවල් මළ නාලිකා පද්ධති සහ අප ජල පද්ධතිය පිළිසකර කිරීම, වැසි ජලය බැස යාමට කාණු පද්ධති සැකසීම, නිසි පරිදි කැලි කසල බැහැර කිරීමේ ක්‍රියාමාර්ග සැකසීම, ජල පොම්පාගාර සවි කිරීම, සියලු බිත්ති වර්ණාලේප කිරීම සහ ගේබල් බිත්ති ජලරෝධනය කිරීම, ආදී ප්‍රතිසංස්කරණ රැසක් මෙහිදී සිදුකර තිබේ.

– Con. media
lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad