යුක්රේනය බංකොලොත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 13, 2014

යුක්රේනය බංකොලොත්

යුක්රේනය බරපතල ඛේදවාචකයකට මුහුණ දී ඇතැයි අයර්ලන්ත ජාතික දේශපාලන විචාරක බ‍්‍රයන් මැක්ඩොනල්ඞ් පවසයි.  

ඔහු පවසා ඇත්තේ යුක්රේන ආර්ථිකය බංකොලොත් භාවයට පත්වනු ඇතැයි බොහෝ ආර්ථික විද්‍යාඥයින්ගේ මතය වී ඇති බවයි.

යුක්රේනයේ බල පෙරළියට පෙරම එය දුෂිත සහ ණය බරින් පිරි රාජ්‍යයක් වී තිබූ බවත් මෙයිඩාන් උද්ඝෝෂණවලින් පසුවද එහි වෙනසක් වී නොමැති බව නව පාලකයින්ට අමතකවී ඇති බවත් ඔහුගේ අදහසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් යුක්රේනයට ලබාදෙන මුදල් කිසිවක් ආධාර නොවන බවත් ණය යළි ගෙවන ලෙස බලකෙරෙන විට යුක්රේනය විනාශවී යනු ඇති බවත් මැක්ඩොනල්ඞ් පවසා තිබේ.

ග‍්‍රීසිය, ස්පාඤ්ඤය සහ තම මව් රට වන අයර්ලන්තයට අත්ව ඇති ඉරණම මෙයට හොඳම නිදසුනක් බවද ඔහු පවසා ඇත.  යුක්රේන ආර්ථීකයට රුසියාව වෙත කෙතරම් රඳා පවතින්නේද යන්න බොහෝ දෙනා විසින් අමතක කර ඇති බව පවසන බ‍්‍රයන් මැක්ඩොනල්ඞ් පවසා ඇත්තේ ලෝ සුපතළ ඇන්ටනොව් වැනි ගුවන් යානා නිෂ්පාදන සමාගම් සම්පූර්ණයෙන් පැවතුනේ රුසියානු අවි කර්මාන්තය මත බවයි.

රුසියාව සමග විරසකවූ වහාම ඒවා වැසී යනු ඇති බව ඔහු සඳහන් කර ඇත.  එවිට රැකියා අහිමිවන 12000කගේ ඉරණමත් ඩොලර් බිලියන 1.3ක වත්කමක් හිමි වත්මන් යුක්රේන ජනාධිපති පෙට්‍රෝ පොරොෂෙන්කෝගේ ඉරණමත් එකිනෙකට වෙනස් බවද ඔහු පවසා තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad