ජේ.ආර්. ගහපු ගැට ලිහන්න කාටවත් බෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 13, 2014

ජේ.ආර්. ගහපු ගැට ලිහන්න කාටවත් බෑ

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා ගැටයක් ගැහැව්වා නම් යළි ඒ ගැටය කිසිවෙකුට ලිහන්නට බැරි විදියට ගසා ඇති බව උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත අස්ගිරි මහ නා හිමියෝ පැවසූහ.

උන් වහන්සේ එසේ පැවසුවේ එක්සත් ජාතික පක්ෂ උප නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවී කරුණානායක මහතා ඇතුළු පිරිසක් සමඟ පැවැත් වූ සාකච්ඡවකදීය.

තවදුරටත් එහිමියන් එහිදී සදහන් කලේ විධායක ජනාධිපති ක‍්‍රමය ඇති රටට අහිතකර දේ ඉවත් කළ යුතු බවත් මේ ක‍්‍රමය එක් එක්කෙනා තමන් ගැන සිතා ඇති කළ දෙයක් බවත් මෙයින් රටට වන විනාශය ගැන ඒ අය කල්පනා නොකළ බවත්ය.

lanka C news

No comments:

Post a Comment

Post Bottom Ad