තමන් වහන්සේට ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂක වශයෙන් ඉදිරිපත් වීමට එක්‌සත් ජාතික පක්‍ෂයේ සහයෝගය ලබාදෙන ලෙස ප්‍රසිද්ධියේ ඉල්ලා සිටීමට මාදුළුවාවේ සෝභිත හිමි තීරණය කර ඇත.
ඉදිරි දිනවලදී සෝභිත හිමියන් විසින් ප්‍රදේශ රැසකදී පැවැත්වීමට සූදානම් කර ඇති ජනාධිපතිවරණය සම්බන්ධ සම්මන්ත්‍රණවලදී උන්වහන්සේ මෙම ඉල්ලීම කරනු ඇතැයි විපක්‍ෂයේ දේශපාලන පක්‍ෂ නායකයෙක් පැවැසීය.
යම් හෙයකින් එජාප සහාය උන්වහන්සේට හිමි නොවන්නේ නම් උන්වහන්සේ ඉදිරි ජනාධිපතිවරණයට තරග නොකරනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
ඉදිරි ජනාධිපතිවරණයට එජාපයේ අපේක්‍ෂකයකු ඉදිරිපත් කළහොත් සෝභිත හිමි සමග සිටින විපක්‍ෂ දේශපාලන පක්‍ෂ කිහිපයක සහ සංවිධානවල සහාය ඔහුට නොලැබෙන බවද හෙතෙම කීය.
ඊට ප්‍රධාන වශයෙන්ම හේතුව ලෙස එම පක්‍ෂය දක්‌වා ඇත්තේ එජාප නායකයකු විධායක ජනාධිපති ධුරය අහෝසි නොකරනු ඇතැයි පවතින විශ්වාසය මත බවද එම නායකයා වැඩිදුරටත් පැවැසීය.
– Divaina
Thursday, October 23, 2014
මට ජනාධිපති වෙන්න දෙන්න.. – සෝභිත හිමි ප‍්‍රසිද්ධියේ ඉල්ලයි
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment