ජනපතිට තුන්වරක් බෑ කියන්න සරත් සිල්වාට නීතියෙන් අයිතියක් නෑ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 23, 2014

ජනපතිට තුන්වරක් බෑ කියන්න සරත් සිල්වාට නීතියෙන් අයිතියක් නෑ

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට තුන්වරක් තරග කිරීමට අයිතියක් නැතැයි කියන්න සරත් එන් සිල්වාට නීතියේ අයිතියක් නැතැයි නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර මහතා කියයි.

ඒ මහතා එසේ කියා සිටියේ මාතරධී පැවති උත්සව සභාවක් අමතමිනි. ඔහු එහිදී මෙසේද කීය.

‘හිටපු අග‍්‍රවිනිශ්චකාර  සරත් එන් සිල්ව මැතිතුමා ජවිපෙ නායක අනුර කුමාර මහත්තයයි එනවා ජනාධිපතිතුමාට තුන්වරක් ඉල්ලන්න බෑ කියලා කියන්න. මම දන්නේ නෑ සරත් එන් සිල්වා මහත්තයට මේ වගේ ප‍්‍රකාශයක් කරන්න මොකද්ද තියෙන නීතියේ අයිතිය කියලා.  

අපිත් නීතිය ගැන ටිකක් දන්න මිනිස්සු.  අපි පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකක බලය අරන් ජනාධිපතිවරයාට 3 වැනි වරටත් තරග කිරීමට පාර්ලිමේන්තු බලය ලබාගෙන තිබෙනවා.  ජනාධිපතිවරයා තරග කරනවා.  පමණක් නොවෙයි ජයග‍්‍රහණයත් කරනවා’

No comments:

Post a Comment

Post Bottom Ad