මුළු ඊශ‍්‍රායලයම ඉරානයේ මිසයිල ප‍්‍රහාරක සීමාවේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 23, 2014

මුළු ඊශ‍්‍රායලයම ඉරානයේ මිසයිල ප‍්‍රහාරක සීමාවේ

සමස්ත ඊශ‍්‍රායලයම ඉරානයේ මිසයිල ප‍්‍රහාරක පරාසය තුළ ඇති බව ඉරාන ඉස්ලාමික විප්ලවීය හමුදා ප‍්‍රධානි මේජර් ජෙනරාල් මොහොමඞ් අලි ජෆාරි පවසා තිබේ.

ඉරානයේ උතුරු හා දකුණුදිග ප‍්‍රදේශවල ස්ථානගත කර ඇති මිසයිල වලින් සියලූම ඈඳාගත් ප‍්‍රදේශ ආවරණය කෙරෙන බව ඔහු පවසා ඇත.

හමුදාපතිවරයා පවසා ඇත්තේ ඉරානය මැදපෙරදිග මිලිටරි බලයක් බවට පත්ව ඇති බව ඉරානයේ සතුරන් පිළිගනු ලැබුවද ඔවුන්ගේ එදිරිවාදිකම් වල අඩුවක් වී නොමැති බවයි.

මෑත කාලයේදී ඉරානය විසින් සිය ආරක්‍ෂක ක්‍ෂේත‍්‍රයේ විශාල වර්ධනයක් අත්පත් කරගෙන ඇති බව සැලකෙන අතර සිය හමුදාවට අවශ්‍ය මිලිටරි උපකරණ හා පද්ධති ගණනාවක් නිෂ්පාදනය කිරීමේ හැකියාව හිමිකරගෙන ඇතැයි පැවසේ.

කලිජි එ ෆාර්ස්, මෙහ්රාබ්, රාඞ්, කාදර්, නූර් සහ සෆාර් යන මිසයිල මෙලෙස ඉරානය විසින් නිෂ්පාදනය කර ඇති මිසයිල වේ.
මේ අතර නූතන අවි තාක්‍ෂණයන් හා සංග‍්‍රාම උපක‍්‍රම වර්ධනය කිරීම සඳහා ඉරාන හමුදාවන් පසුගිය කාලසීමාව තුළ අභ්‍යාස ගණනාවක නිරතවී ඇතැයිද වාර්තා වේ.

තම අවි බලය කිසිදු රාජ්‍යයකට තර්ජනයක් නොවන බව ඉරානය පවසා ඇති නමුදු සිය රටට එරෙහි ආක‍්‍රමණිකයෙකුට එරෙහිව දැවැන්ත ප‍්‍රතිප‍්‍රහාරයක් එල්ල කිරීමට නොපැකිළෙන බවද පවසා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad