කෙල්ලො දෙන්නාගේ ගරිල්ලා ප්‍රේමය - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 13, 2014

කෙල්ලො දෙන්නාගේ ගරිල්ලා ප්‍රේමය

isis ගරිල්ලන් හා එක්වීමට සියල්ල අතහැර ගිය බව කියන  ඔස්ට්‍රියාන් සිසුවියන් දෙදෙනෙකුගේ ජීවිත අනතුරේ වැටී ඇතැයි වාර්තා වෙයි.

17 හැවිරිදි සහ 15  හැවිරිදි මෙම සිසුවියන් දෙදෙනා  පසුගිය අප්‍රේල් මාසයේ  තමන් isis ගරිල්ලන් හා එක්වීමට යන බව ලියා තබා නිවෙස් වලින් පැන ගොස් තිබේ.බොස්නියානු සම්භවයක් සහිත මෙම සිසුවියන් දෙදෙනා සදහන් කර තිබුනේ තමන් අල්ලා  දෙවියන් වෙනුවෙන් මියයාමට යන බවයි.

පසුව මෙම දෙදෙනා isis ගරිල්ලන් හා විවාහ වී  ඇති බව වාර්තා වෙයි. පසුව මෙම සිසුවියන් යොදාගෙන isis ගරිල්ලන් සිය තරුණ බල ඇණිය ශක්තිමත් කර ගැනීම සදහා පෝස්ටර් පෙළක් ද නිර්මාණය කර තිබේ.

මෙම දෙදෙනා පැනයාමෙන් පසු මෙම දෙදෙනාගේ ෆේස්බුක් ගිණුම් පිළිබදව ආරක්ෂක අංශ අවධානයෙන් සිට ඇති අතර මේ වන විට ඔවුන් එහි සදහන් කර ආකාරයට ඔවුන්ට යළි සිය නිවෙස් වෙත පැමිණිමට අවශ්‍ය වී ඇති බව සදහන් වෙයි.මෙම සිසුවියන් දෙදෙනාගෙන් එක් අයෙක් ගැබ්බර වී ඇති බවටද තොරතුරු වාර්තා වෙයි.

තවත් වාර්තා වක සදහන් වුයේ මෙම දෙදෙනාගෙන් එක් අයෙක් මීට මසකට පමණ පෙර මරා දමා ඇති බවයි. කෙසේ වෙතත් මෙම සිසුවියන් යළි සමාජගත කළ නොහැකි බව සදහන් කරන ආරක්ෂක අංශ ඔවුන්ට යලි නිවෙස්වලට පැමිණීම අවුරමින් කටයුතු කරන බව වාර්තා වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad