කොදෙව්වේ ක්‍රිකට් අවුලක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, October 13, 2014

කොදෙව්වේ ක්‍රිකට් අවුලක්

වැටුප් ගැටළුවක් මුල් කර ගනිමින් කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය සහ ක්‍රීඩකයින් අතර අර්බුදයක් හට ගනියි

සිය නව වැටුප් ගිවිසුම් සම්බන්ධයෙන් පවත්නා ගැටළු කඩිනමින් නිරාකරණය කරගැනීම සඳහා මැදිහත් වන්නැයි කොදෙව් එක්දින කණ්ඩායමේ නායක ඩ්වේන් බ්‍රාවෝ කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති ඩේව් කැමරන්ගෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වෙයි. 

ලිපියක් යොමු කරමින් බ්‍රාවෝ පෙන්වා දෙන්නේ එවැනි සම්මුතිවාදී ප්‍රවේශයකට එළැඹීමේ අවශ්‍යතාවක් කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයට නොමැති නම්, ගැටළුව තමන්ගේම ක්‍රමයකට විසඳා ගැනීමේ පිලිවෙතක් වෙත ක්‍රීඩකයින් යොමු වනු ඇති බවයි. 

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය මින් ඉදිරියට තමන් වෙනුවෙන් පෙනී නොසිටින බවත්, ගැටළු නිරාකරණය කිරීමට නොහැකි කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලා අස්විය යුතු බවත් බ්‍රාවෝ මෙම ලිපියෙන් අවධාරණය කර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගමය ද මෙම ප්‍රශ්නය උපයෝගී කර ගනිමින් වෙනත් ව්‍යාපෘතිවල නිරතවන බව පෙන්වා දෙන ඩ්වේන් බ්‍රාවෝ එවැන්නන්ට, තම ක්‍රීඩකයින් නියෝජනය කිරීමට නිල අයිතියක් නැතැයි අවධාරණය කර තිබේ. 

තමන් වෙනුවෙන් නිල ප්‍රකාශ නිකුත් කල හැක්කේ කවරෙක්ටද යන්න ඉදිරියේ දී නිවේදනය කරන බව ද මෙම ලිපියේ සදහන්. කොදෙව් කණ්ඩායම මේ වනවිට ඉන්දීය කණ්ඩායම සමග තරග 05 කින් සමන්විත එක්දින තරඟාවලියකට ක්‍රීඩා කරමින් සිටින අතර, ඔවුන් සිය ඉල්ලීම් වෙනුවෙන් මෙම තරඟාවලිය වර්ජනය කරනු ඇතැයි ප්‍රථමයෙන් බිය පල විය. 

ක්‍රීඩකයින් පළමු එක්දින තරගය වෙනුවෙන් පැවති පුහුණු සැසිය හිටිවනම අත්හිටුවීමත්, මාධ්‍ය සාකච්ඡාවට සහභාගී නොවීමත් ඊට හේතුවයි. ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගෙවන තරග ගාස්තුව යනාදියෙන් සියයට 70 කට ආසන්න ප්‍රමාණයක් නව ගිවිසුම හරහා කපා දමා ඇතැයි පෙන්වා දෙන කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයින් අවධාරණය කරන්නේ වහා එම තත්ත්වය නිවැරදි වියයුතු බවයි

No comments:

Post a Comment

Post Bottom Ad