ඇමරිකාව ගුවනින් දැමූ අවි ඉස්ලාමික රාජ්‍යය ඇහිඳගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, October 24, 2014

ඇමරිකාව ගුවනින් දැමූ අවි ඉස්ලාමික රාජ්‍යය ඇහිඳගනී

ඇමරිකානු ප‍්‍රහාරක යානා විසින් සිරියාවේ කුර්දි සටන්කාමීන් වෙත ගුවනින් හෙලූ අවි තොගයක් ඉස්ලාමික රාජ්‍ය සටන්කාමීන් අතට පත්ව ඇතැයි වාර්තා වේ.

ඇමරිකානු අවි රැගත් පෙට්ටි කිහිපයක් සහ පැරෂුටයක් පෙන්වන ඉස්ලාමික රාජ්‍ය සටන්කාමියකුගේ වීඩියෝවක් අන්තර්ජාලයේ පළවීම සමග මේ බව හෙළිව තිබේ.

සිරියානු දේශසීමා නගරයක් වන කොබානි රැකගැනීම සඳහා ඉස්ලාමික රාජ්‍ය හා සටන් වදිමින් සිටින කුර්දි පෙෂ්මෙර්ගා සටන්කාමීන් වෙත මිලිටරි හා ඖෂධ බහාලූම් 27ක් ගුවනින් පතිත කළ බව පසුගිය ඉරිදා ඇමරිකාව විසින් නිවේදනය කරන ලදී.

පසුව ඇමරිකානු මධ්‍ය විධානය පැවසුවේ බහාලූම් 28ක් බිම හෙලූ නමුත් ඉලක්කය වැරදී ගිය හෙයින් එක් බහාලූමක් විනාශ කිරීමට සිදුවූ බවයි.
වීඩියෝවේ දැක්වෙන අවි තොගය තුළ හෑන්ඞ් ග්‍රෙනේඞ් සහ ආර්.පී.ජී දක්නට ලැබේ.  

ඇමරිකාව විසින් අවි හෙළීමේදී නිවැරදි පුද්ගලයන් හා ඉලක්ක වෙත පතිත කිරීමට සෑමවිටම පියවර ගන්නා බව ධවල මන්දිරයේ නියෝජ්‍ය ආරක්‍ෂක උපදේශක බෙන් රෝඞ්ස් පවසා තිබේ. කෙසේවෙතත් සිරියානු මානව හිමිකම් නිරීක්‍ෂණ මධ්‍යස්ථානය පවසා ඇත්තේ අවි තොගය සතුරා විසින් අත්පත් කරගෙන තිබීමට ඉඩකඩ ඇති බවයි.

මෙවැන්නක් සිදුකිරීමේදී සිරියානු රජය සමග සම්බන්ධීකරණය කිරීම අත්‍යවශ්‍ය වන බවත් ආරක්‍ෂක කවුන්සිලයේ නිර්දේශ මත ක‍්‍රියා කළ යුතු බවත් පවසන එක්සත් ජාතීන්ගේ රුසියානු නියෝජිත විටැලි චර්කින් මෙම අවි ඉස්ලාමික රාජ්‍ය අතට පත්වී ඇතිනම් එය පුදුමයක් නොවන බවද පවසා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad