නේටෝ රටවල දොරකඩ අසලට පැමිණ ඇති රුසියාවේ නූතන සහ ශක්තිමත් හමුදාවන්ට මුහුණදිය යුතු බවට ඇමරිකානු ආරක්‍ෂක ලේකම් චක් හෙගල් සිදුකර ඇති ප‍්‍රකාශය පිළිබඳව මාධ්‍යවේදීන් ඇමරිකානු නිලධාරීන් ප‍්‍රශ්න කර ඇතැයි වාර්තා වේ.
පසුගියදා පැවති ඇමරිකානු හමුදා සංවිධානයේ වාර්ෂික සමුළුවට එක්වෙමින් ආරක්‍ෂක ලේකම්වරයා පවසා ඇත්තේ සංශෝධනවාදී රුසියාව නේටෝවේ එළිපත්තට පැමිණ ඇති බවයි.
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දෛනික මාධ්‍ය සාකච්ඡුාවේදී සංශෝධනවාදී රුසියාව යන්නේ අර්ථය පිළිබඳව ඇසෝසියේටඞ් ප්‍රෙස් පුවත් ආයතනයේ මාධ්‍යවේදී මැට් ලී විසින් විමසා ඇත.
පෙන්ටගන මාධ්‍ය ලේකම් ජෝන් කර්බි පවසා ඇත්තේ වත්මන් රුසියාව සෝවියට් දේශයේ කීර්තිමත් යුගයට සමාන ආකාරයකින් හැසිරෙන බවයි.
සැබැවින්ම සිදුවූයේ නේටෝ එළිපත්තට රුසියාව පැමිණිම නොව නේටෝව රුසියාව අසලට ව්‍යාප්ත වීම නොවේදැයි ඉන්පසු මැට් ලී විසින් ප‍්‍රශ්න කර ඇතැයි වාර්තා වේ.
රුසියාව යුක්රේනය තුළට හමුදා යෙදවීම ප‍්‍රශ්නයක් බවත් නේටෝව ආරක්‍ෂක සන්ධානයක් මිස රුසියානු විරෝධී සංවිධානයක් නොවන බවත් කර්බි පවසා ඇතිමුත් ලී විසින් දිගින් දිගටම විමසූ ප‍්‍රශ්න වලින් පෙන්ටගන මාධ්‍ය ප‍්‍රකාශකවරයා අර්බුදයට පත්වූ බව පැවසේ.
මේ අතර හෙගල්ගේ ප‍්‍රකාශය හෙළා දක්මින් රුසියානු ආරක්‍ෂක අමාත්‍ය සර්ජි ෂොයිගු පවසා ඇත්තේ රුසියාව අසලට ව්‍යාප්ත වූයේ නේටෝව බවයි.
Monday, October 20, 2014
රුසියාව නේටෝ දොරකඩට ඇවිත්
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment