ඊශ‍්‍රායලයේ ක‍්‍රියා පිළිවෙත ඉස්ලාමික රාජ්‍ය ත‍්‍රස්ත සංවිධානයට සමාන කරමින් හැෂ්ටැගයක් භාවිතයට එක්ව ඇතැයි වාර්තා වේ.
ඉස්ලාමික රාජ්‍යය ඉරාකයේ සහ නැගෙනහිර මධ්‍යධරණී ප‍්‍රදේශයේ ඉස්ලාමික රාජ්‍යය හෙවත් ISIL ලෙස කලින් හඳුන්වන ලදී.
ඒ හා සසඳමින් ඊශ‍්‍රායලය සහ නැගෙනහිර මධ්‍යධරණී ප‍්‍රදේශයේ යුදෙව් රාජ්‍යය හෙවත් JSIL ලෙස නම් කරමින් මෙම හැෂ්ටැගය නිර්මාණය කර තිබේ.
මැක්ස් බ්ලූමෙන්දාල් සහ රානියා කාලික් විසින් ප‍්‍රසිද්ධියට පත්කර ඇති මෙම #JSIL හැෂ්ටැගය ඊශ‍්‍රායලය විවේචනය කරන ට්විටර් සාමාජිකයින් අතර බෙහෙවින් ජනප‍්‍රියවී ඇතැයි පැවසේ.
උපරිම මට්ටමේදී එය දිනකට යළි ට්වීට් කිරීම් 5200ක් පමණ වාර්තා කර ඇත. පලස්තීනය පිළිබඳ රසල් විනිශ්චය සභාව තුළදී මැක්ස් බ්ලූමෙන්දාල් විසින් ඉස්ලාමික රාජ්‍යයේ හා ඊශ‍්‍රායලයේ ක‍්‍රියා කලාපයන් මුලින්ම සසඳා තිබේ.
රසල් විනිශ්චය සභාව යනු ඊශ‍්‍රායලය සහ පලස්තීනය අතර සාමකාමී විසඳුමක් ඇතිකරගැනීමේ අරමුණින් 2010 සිට ක‍්‍රියාත්මක වන නෛතික නොවන සංවිධානයකි.
ඇතැම් ට්විටර් සාමාජිකයින් විසින් ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු JSIL හි කාලිෆ්වරයා ලෙස හැඳින්වීමට කටයුතු කර ඇතැයි පැවසේ.
මෙම හැෂ්ටැගය ඇමරිකානු හා ඊශ‍්‍රායල මාධ්‍ය විසින් විවේචනය කර ඇත. ඊශ‍්‍රායලය විසින් පලස්තීනයේ ගාසා තීරයට දින 50ක් පුරා එල්ල කළ ප‍්‍රහාරවලින් පලස්තීන වැසියන් 2000ක් පමණ මියයනු ලැබිණි.
Monday, October 20, 2014
ඊශ‍්‍රායලය ඉස්ලාමික රාජ්‍යයට සමාන කරමින් හැෂ්ටැගයක්
Tags
# එතෙර පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
එතෙර පුවත්
Labels:
එතෙර පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment