හොරු අරවින්දගේ නිවසේ සීසීටීවී හරවලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, October 23, 2014

හොරු අරවින්දගේ නිවසේ සීසීටීවී හරවලා

හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා මහතාගේ නිවසේ සේප්පුවෙහි තිබූ රුපියල් ලක්ෂ 52ක මුදලක් සොරා ගැනීමේ සිද්ධියට එම නිවසේම අයකු සම්බන්ධ බවට සැක කළ හැකි සාධක කිහිපයක් පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.

මෙම කොල්ලය සිදු වීමට පෙර දිනක එම නිවසෙහි සවි කර තිබූ සී.සී.ටී.වී. කැමරාවක දිශානතිය කිසියම් තැනැත්තකු විසින් වෙනස්කර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

නිවසේ සවි කර තිබූ එම සී.සී.ටී.වී. කැමරාවේ දිශානතිය වෙනස් කළ හැක්කේ නිවසේම සිටින අයකුට නිසා මෙම සොරකම නිවස තුළ අයකු විසින්ම සිදුකළ එකක් බවට පොලිසියට පළමු සැකය ඇති වී ඇත.

පොලිස් විමර්ශන කණ්ඩායම්වලට මේ සම්බන්ධව දෙවැනි සැකය ඇති වී ඇත්තේ නිවසේ අනෙකුත් සී.සී.ටී.වී. කැමරාවල එම නිවසට පිටස්තර පුද්ගලයකු ඇතුළු  වූ බවක් සටහන් වී නොමැති නිසාය.අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ නිවාඩුවක් සඳහා එංගලන්තයට ගොස්  සිටි අතර ඒ මහතා නිවසේ නොසිටි ඉකුත් 16

 වැනිදා රාත්‍රී 9.00ට පමණ මෙම සී.සී.ටී.වී. කැමරාවේ දිශානතිය හොර රහසේ වෙනස් කර තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් රිවිරට පැවසීය.

කොල්ලුපිටිය පොලිස් වසමේ තර්ස්ටන් පාරේ පිහිටි තෙමහල් නිවසක ජීවත් වන අරවින්ද ද සිල්වා මහතා සිය සේප්පුවෙහි තිබූ මුදල් සොරකම් කර ඇති බවට පෙරේදා (21) කොල්ලුපිටිය පොලිස් ස්ථානයට පැමි‚ල්ලක් කළේය.එම පැමි‚ල්ලට අනුව විශේෂ විමර්ශනයක් ආරම්භ කළ අතර සොරුන් නිවසට ඇතුළු වූ ආකාරයක් සොයා ගැනීමටද පොලිසියට නොහැකි විය.

මුදල් තිබූ මෙම සේප්පුව එම තෙමහල් නිවසෙහි පළමු මහලේ අරවින්ද ද සිල්වා මහතා නිදන කාමරයෙහි තබා තිබූ බවද පොලිසිය කියා සිටී.ඒ අසලම සේප්පුවෙහි යතුරද තිබි ඇති අතර එම යතුර උපයෝගි කර ගෙන කොල්ලකරු සේප්පුව විවෘත කර ඇති බවද පොලිසිය පවසයි.

රහස්‍ය අංක ද යොදා තිබූ මෙම සේප්පුවෙහි අරවින්ද ද සිල්වා මහතාගේ සහ ඒ මහතාගේ මිතුරකු වන ප්‍රසිද්ධ ජ්‍යොතිෂවේදියකුගේ පුත්‍රයකුගේ විදේශ මුදල් පරිස්සමට තැන්පත් කර තිබි ඇත.

අරවින්ද ද සිල්වා මහතා එතෙර සංචාරයකට ගොස් සිටි කාලය තුළ මෙම නිවසේ සිට ඇත්තේ ඒ මහතාගේ මෙහෙකාර සේවක සේවිකාවන් අට දෙනකු පම‚. නිවසේ තිබූ සී.සී.ටී.වී. කැමරාවේ දිශානතිය වෙනස් කර මෙම කොල්ලය සිදු කර ඇති බව පොලිසිය පවසයි.

කොළඹ දකුණ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පේ‍්‍රමලාල් රණගල මහතාගේ අධීක්ෂණය හා උපදෙස් මත ඉදිරි විමර්ශන සිදු කෙරේ.
චාමර අමරසූරිය

No comments:

Post a Comment

Post Bottom Ad