පසුගිය කාලයේ කාන්තා ඝාතන නිසා නම් දැරූ රත්නපුර කහවත්ත ප්‍රදේශය ඊයේ යළිත් බියෙන් ඇළලීගියේ දීපවාලී උත්සවයට ඇඳාුම් ආයිත්තම් ගෙනෙන්නට ගිය කාන්තාවක නිරුවත්කර මරා ගඟට දැමීමේ සිද්ධියක් නිසාය.
කහවත්ත ඕපාතවත්ත, නොම්බර දෙක කොටසේ පදිංචිව සිටි 31 හැවිරිදි දෙදරු මවක මෙලෙස ඝාතනයට ලක්වී තිබෙනවා. අතුරුදන් බවට නිවැසියන් දැන්වීම නිසා පොලිසිය හා ගම්වාසීන් සොයමින් සිටියදී ඇගේ මළ සිරුර වේ ගෙඟ් කටු අකුලක් තුළ තිබියදී ඊයේ (22) සවස සොයාගෙන ඇත.
මියගොස් ඇත්තේ ජෙයරා‚ තිලකරා‚ නමැති කාන්තාවකි. ඇය ඕපාතවත්තේ වතුකම්කරු කාන්තාවක් ලෙස සේවය කළාය.
දීපවාලී උත්සවයට නිවසට අවශ්‍ය දෑ මිලදී ගැනීම සඳහා ඇය සිය බාල සහෝදරිය සමග පෙරේදා (21) දා සවස කහවත්ත නගරයට ගොස් නැවත නිවසට පැමිණ ඇත්තේ ත්‍රිරෝද රථයක සවස 6 ට පමණයි.
ත්‍රිරෝද රථයටද මුදල් ගෙවා ඇය නිවසට පැමිණ බලද්දී ඇගේ මුදල් පසුම්බිය නොමැතිවීම නිසා ඇය එය මග වැටී ඇත්දැයි සෙවීමට ගොස් ඇත. ත්‍රිරෝද රථය නවතා ඇති ස්ථානයට නිවසේ සිට දුර අඩි 30 ක් පමණ වන අතර ඇය නිවසින් පිටව ගොස් ඊයේ එළිවන තුරුද නොපැමිණිම නිසා ඇගේ සහෝදරිය වන කේ. සබිනා විසින් කහවත්ත පොලිසියට පැමිණිලි කර තිබේ.
කහවත්ත පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව රත්නපුර පොලිස් නිල සුනඛ ශානා යොදවා ඊයේ පෙරවරුවේ සිට ජෙයරානි තිලකරා‚ සෙවූ අතර නිවසේ සිට මීටර් 500 ක් පමණ දුරින් ඇය ඇඳ සිටි සාය සහ ජංගම දුරකථනය සොයාගත්තත් ඇය පෙනෙන්නට නොලැබිණි.
එම ස්ථානයේ පාවහන් යුවලක්ද තිබූ අතර පොලිස් නිල සුනඛ ශානා එය ඉව අල්ලා ඇගේ නිවසට ගොස් අනතුරුව වේ ගඟ අද්දරට ගියේය. එහිදී පොලිසිය කළ සොයාබැලීමේදී ඇගේ නිරුවත් මළ සිරුර වේ ගෙඟ් කටු අකුලක සිරවී සිටියදී සොයාගැනි‚. රත්නපුර ප්‍රදේශයට ඇදහැළෙන අධික වර්ෂාව හේතුවෙන් වේ ගෙඟ් ජල මට්ටමද ඉහළ ගොස් තිබු‚. පොලිසිය තවදුරටත් සොයාබැලීමේදී එම පාවහන් යුවල ඇගේ සැමියාගේ බව තහවුරු කර ඇත.
ඇගේ සැමියා අනියම් සම්බන්ධයක් පවත්වන නිසා ඇය හා ඔහු අතර ගැටුම්කාරී තත්වයක් තිබූ බවද පොලිසියට තොරතුරු ලැබී ඇත.
මියගොස් සිටින ජෙයරානි තිලකරා‚ට අවුරුද්දක් වයසැති දිය‚යක් සහ අවුරුදු දෙකහමාරක් වයසැති පුතකුද සිටී. කහවත්ත පොලිසිය විසින් ඊයේ සවස මෙම මරණය සම්බන්ධව සැක අය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබේ.
මෙම ප්‍රශ්න කිරීම්වලදී ඇගේ සැමියා වෙනත් කාන්තාවක් සමග අනියම් සබඳතාවයක් තිබූ බවටද කරුණු අනාවරණය වී ඇත. මළසිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රත්නපුර මහරෝහලට යවා ඇත. ඇගේ හිසෙහි තුවාල කිහිපයක් දක්නට ලැබු‚. කහවත්ත පොලිසිය මෙම මරණය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
කොටකෙතන කාන්තා ඝාතන රැල්ල හා මෙම ඝාතනය අතර සම්බන්ධයක් නැතැයි පොලිසිය කියයි.
සමරවීර නිරෝෂණ, ධර්මප්‍රිය ලියනආරච්චි
Thursday, October 23, 2014
කහවත්තේ 31 හැවිරිදි කාන්තාවගේ නිරුවත් මළ සිරුර ගඟ අසළ කටු අකුලක
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment