දුම්රිය මාර්ගයේ වාඩිවී ජංගම දුරකථනයෙන් ඇමතුමක් ගනිමින් සිටි 22 හැවිරිදි තරුණයකු දුම්රියකට යටවී මියගොස් තිබෙනවා.
මෙසේ මියගොස් ඇත්තේ වස්‌කඩුව කුඩා වස්‌කඩුවේ පදිංචිවී සිටි වීරක්‌කොඩි ධනුෂ්ක මහේෂ්ද සිල්වා නමැත්තෙකි.
මියගොස් ඇත්තේ මගේ බාල සහෝදරයායි. ඔහු රැකියාවක් කළේ නැහැ. නිරෝගීව සිටියා. සිද්ධිය වූ දින අපේ ඥති සහෝදරයකු පැමිණ මල්ලීව
දුම්රියේ හැපී ඇතැයි කීවා. අප එහි ගොස් බලද්දී මොහුගේ සිරුර කළුතරට ගෙන ගොස් තිබුණා. අප එහි ගොස් ඔහුගේ සිරුර හඳුනා ගත්තා.
මොහු දුම්රිය මාර්ගයේ රේල් පීල්ලේ හිඳගෙන දුරකථනයෙන් කතා කරමින් සිටියදී දුම්රියේ හැපී ඇති බව දැනගන්නට ලැබුණා. මරණය ගැන සැකයක් නැහැ.
මෙහිදී ඉදිරිපත් වූ සාක්‍ෂි සහ කළුතර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එස්. එස්. අත්තනායක මහතා ඉදිරිපත් කළ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව සලකා බැලූ මරණ පරීක්‍ෂකවරයා මෙය දුම්රිය අනතුරෙන් වූ බහු විධ තුවාල හේතුකොටගෙන සිදුවූ මරණයක් බව නිගමනය කළේය.
Thursday, October 23, 2014
රේල් පාරේ වාඩිවී දුරකථන ඇමතුමක් ලබාගත් තරුණයා දුම්රියට බිලිවෙයි
Tags
# ආරක්ෂක පුවත්
Share This
About විගස පුවත් I Vigasapuwath
ආරක්ෂක පුවත්
Labels:
ආරක්ෂක පුවත්
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment